Connect with us

පුවත්

“වැදගත් අණපනත් 15ක් කඩිනමින් සම්මත කර ගැනීමට නියමිතයි”

Published

on

ඉදිරි සති කිහිපය තුළ ඉතා වැදගත් අණපනත් 15ක් පමණ සම්මත කර ගැනීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ඉකුත් මාස 18ක පමණ වැනි කාලය තුළ නව පනත් 75ක් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර රටට අවශ්‍ය මූලික වෙනස සිදුකිරීමට හැකියාව ලැබුණු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“අප රටේ අධිකරණ පද්ධතියට අදාළව යුක්තිය පසිඳලීම සම්බන්ධව විශාලතම නීති ප්‍රතිසංස්කරණ සිදු කල කාලවකවානුවක් ලෙස මෙම කාලය හඳුන්වා දෙන්න පුළුවන්. ගතවූ මාස 18කපමණ කාලය තුළ නව පනත් 75ක් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර තිබෙනවා. රටට අවශ්‍ය මූලික වෙනස සිදුකිරීමට එමඟින් හැකියාව ලැබෙන බව සඳහන් කළ යුතුයි.

ඒ වගේම රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේ ද ඇතුළුව ඔඩුදුවා ඇති අල්ලස, වංචාව, දූෂණය සහ කොමිස් ගැනීම වැළැක්වීම වෙනුවෙන් දූෂණ විරෝධී පනත රජය විසින් සම්මත කර ගෙන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට ගැලපෙන පරිදි එය සකස් කර තිබෙනවා. ඒ අනුව අල්ලස් කොමිෂන් සභාවට බොහෝ බලතල සහ ස්වාධීනත්වයක් ලබා දී තිබෙනවා. ක්‍රීඩා සහ ලිංගික අල්ලස් සම්බන්ධව ද නව නීති හඳුන්වා දී තිබෙන බව ද සඳහන් කළ යුතුයි.

එමෙන්ම නාමිකව පැවති වත්කම් සහ බැරකම් නීතිය වර්තමානය වන විට ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙනවා. එමඟින් රටේ සියලුම පුරවැසියන් විසින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිෂන් සභාවට බාර දිය යුතුයි. ඔවුන් විසින් වත්කම් බැරකම් ප්‍රකාශ නිරන්තරයෙන් අධීක්ෂණය කෙරෙනවා. එමෙන්ම නඩු භාණ්ඩ ඉවත් කිරීම සහ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ද නව නීතී සකස් කර තිබෙනවා. තවද අපරාධවලින් උපයාගත් දේපළ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අධිකාරියක් සකස් කර තිබෙනවා.

ඒ වගේම ප්‍රාථමික නඩු විධාන සංග්‍රහයට සංශෝධනයක් ඉදිරිපත් කර තිබෙනවා. විවාහ සම්බන්ධයෙන් ද නව පනතක් ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සම්බන්ධයෙන් පොදුවේ එකඟවිය හැකි වෙනස්කම් පමණක් ඉදිරිපත් කොට එම පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.
එමෙන්ම මේ වන විට කාති උසාවිය සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් ඇති වී තිබෙනවා. ඒ අනුව එහි වෙනස්කම් දෙකක් සිදු කිරීමට ද යෝජනා කර තිබෙනවා. විදෙස් රටවලදී පැවරෙන නඩු තීන්දු සම්බන්ධයෙන් කටයුතු කෙරෙන විදේශීය නඩු තීන්දු ක්‍රියාත්මක කිරීම සඳහා වන කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.

තවද ඉදිරි සති කිහිපය තුළ ඉතාමත් වැදගත් අණපනත් 15ක් පමණ සම්මත කර ගැනීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. අපරාධ නඩු විධාන සංග්‍රහයට ද සංශෝධන කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ වගේම පසුගියදා අප විසින් සම්මත කරගත් ජල ශාස්ත්‍රීය පනත ලබන වසරේදී ක්‍රියාත්මක කළ හැකිව පවතිනවා. එමඟින් මෙරට මුහුදු සීමාවෙන් ගමන් කරන නැව්වලින් වසරකට ඩොලර් මිලියන 50කට වැඩි ආදායමක් ඉපයීමට හැකියාව තිබෙනවා.”

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved