Connect with us

පුවත්

වැලිකඩ ජේලර්වරියකට මරණ තර්ජන

Published

on

දින හතක් ඇතුළත තමන් මරා දමන බවට වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ ප්‍රධාන ජේලර්වරියකට එම කාන්තා අංශයේ රඳවා සිටි සැකකාර කාන්තාවක් මරණීය තර්ජනය එල්ල කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසට අධිකරණය පොලිසියට නියෝග කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විසින් ඊයේ (11) බොරැල්ල පොලිසියට මෙම නියෝගය නිකුත් කර තිබුණි.

එමෙන්ම බන්ධනාගාරගතව සිටින සැකකාර කාන්තාව පිටස්තර පුද්ගලයන් සමග දුරකථනය සංවාද පවත්වා තිබේද යන්න පිළිබඳව ද විමර්ශනය කිරීම සඳහා අදාළ දුරකථන සමාගම්වලින් දුරකථන වාර්තා කැඳවන ලෙසට පොලිසියට නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සැකකාර කාන්තාව ජංගම දුරකථන භාවිතා කිරීම සෙසු සිරකාරියන් සමග අසභ්‍ය ආකාරයෙන් හැසිරීම ඇතුළු චෝදනා සැලකිල්ලට ගෙන ඇයව කළුතර බන්ධනාගාරයට මාරු කර යැවූ බවය.

කෙසේ වෙතත්, එසේ මාරු කරන ලද ඇයව යළි වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශය වෙත මාරුකර එවන ලෙසට කළුතර බන්ධනාගාර අධිකාරිවරයාට ලද ලිපියකට අනුව ඇයව යළි වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශය වෙත මාරු කර යවා තිබේ.

ඒ අනුව දූෂණ චෝදනා මත කළුතර බන්ධනාගාරය වෙත ස්ථාන මාරු කර යවන ලද සැකකාර කාන්තාව යළි වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියේ කෙසේද යන්න පිළිබඳව ප්‍රධාන ජේලර්වරියට සැකයක් මතුව තිබේ.

ඒ සම්බන්ධයෙන් සොයා බලමින් සිටියදී සැකකාර කාන්තාව එම කාන්තා අංශයේ වැසිකිළියක් තුළට ගොස් කෙසෙල්වත්තේ දිනුක නමැති පුද්ගලයකු සමග දුරකථනයෙන් සංවාද පවත්වමින් සිට ඇති බව පොලිසිය අධිකරණයට දන්වා තිබුණි.

එහිදී පැමිණිලිකාර ජේලර්වරිය අදාළ සැකකාර කාන්තාව වැසිකිළියෙන් එළියට ඇද ප්‍රශ්න කරන අතරතුරදී ඇය පොළොවේ දිගාවී සිය දෑතට වැලි ගෙන ජේලර්වරියක දෙසට දමා ගසමින් පරුෂ වචනයෙන් බැන වැදී තිබේ.

පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළේ ජේලර්වරිය හා ඇගේ පවුලේ සාමාජිකයින් දින හතක් ඇතුළත මරා දමන බවට ද තර්ජනය කර ඇති බවය. 

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading

පුවත්

විජයග්‍රහණයේ 16වන ජාතික සැමරුම – සජීවී විකාශය

Published

on

By

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.

උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

වීඩියෝ – ජාතික රූපවාහිනිය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved