අද (04) අළුයම 1ට පමණ වැලිගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබුණි.
වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ පා ගමනින් ගමන්කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකුට මෙලෙස වෙඩිතබා ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.
පොලීසිය පවසන්නේ මේ අතරින් පුද්ගලයන් දෙදෙනෙකුට පමණක් වෙඩි වැදී ඇති අතර ඉන් එක් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවය.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ කප්පරතොට ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි පුද්ගලයෙකි.
තුවාල ලැබූ පුද්ගලයා ද එම ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය තවදුරටත් පවසයි.
යතුරුපැදි තුනකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව මේ වන විට හෙළි වී තිබේ.
කෙසේවෙතත්, මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. වැලිගම පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
(පෙර පුවත: 2025 ජනවාරි 04, පෙ.ව.11:11)
වැලිගම වෙඩි තැබීමක්. පුද්ගලයෙක් මරුට
වැලිගම පොලිස් වසමේ මහානැවියා පාර, වල්ලිවල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට අද (4) අළුයම 1ට පමණ වෙඩි තැබීමක් සිදු කර තිබේ.
පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇති බවය.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම පදිංචිව සිටි අකාෂ් තාරුක් නමැති 28 හැවිරිදි පුද්ගලයෙකි.
යතුරු පැදි දෙකකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් ටී 56 ගිනි අවියකින් මෙම වැඩිතැබීම සිදුකර ඇති බව දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කෙසේවෙතත්, වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා වැලිගම වලාන රෝහල වෙත රැගෙන ගොස්, පසුව මාතර මහ රෝහල වෙත මාරුකර යවා ඇති බව වාර්තා වේ.
වැලිගම පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතය.