Connect with us

පුවත්

වැලිමඩ කාබනික පොහොර ඩුබායි වෙතට

Published

on

වැලිමඩ උළුගලවත්ත කාබනික ඝන පොහොර මධ්‍යස්ථානය මගින් මාසිකව කාබනික පොහොර මෙට්‍රික් ටොන් 5000ක් අපනයනය කිරීමේ කටයුතු අරඹා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙම පොහොරවලින් වැඩි ප්‍රමාණයක් මේ වනවිට ඩුබායි හි ඉදි කෙරෙමින් තිබෙන වගා ව්‍යාපෘතියක් සඳහා සපයනු ලබයි.

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යටතේ තිබෙන වැලිමඩ උළුගලවත්ත කාබනික ඝන පොහොර සැකසුම් මධ්‍යස්ථානයේ කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමේ කටයුතු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු අතර එහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ ගොවිතැනින් සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමට නම් කාබනික හා රසායනික පොහොර දෙවර්ගයම නිර්දේශිත ප්‍රමාණයන් අනුව යෙදීම මගින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට මෙන්ම ආහාරවල ගුණාත්මකභාවයටත් හේතුවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පර්යේෂණ මගින් සනාථ වී තිබෙන බවයි.

පුවත්

අයහපත් කාලගුණය දිස්ත්‍රික් 11කට බලපෑම් කරයි

Published

on

By

කළු, කැලණි ගංඟා සහ අත්තනගලු ඔය තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නාගලගම් වීදියෙන් කැළණි ගඟ සුළු ගංවතුර මට්ටමේ පවතී.

ඊට අමතරව කැළණි ගඟ හංවැල්ල ප්‍රදේශයෙන් ද, අවදානම් මට්ටමේ පවතී.

කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ මිල්ලකන්ඳ සහ පුටුපවුල ප්‍රදේශවලින් සුළු ගංවතුර මට්ටමක් වාර්තා වී තිබේ.

දූනමලේ ප්‍රදේශයෙන් අත්තනගලු ඔය සුළු ගංවතුර මට්ටමට පැමිණ ඇත.

බද්දේගමින් ගිං ගඟ ද, අවදානම් තත්ත්වයේ පවතී.

දිස්ත්‍රික්ක 8 කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන අතර කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර, එම දිස්ත්‍රික්ක වේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 11ක පවුල් 18,795කට අයත් පුද්ගලයින් 76, 218 දෙනකු බලපෑමට ලක්ව තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ජලගැලීම්, අධික සුළං සහ ගස් කඩා වැටීම් හේතුවෙන් එම තත්ත්වය නිර්මාණය වී ඇති බවය.

මෙහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එහි පවුල් 16,707කට අයත් පුද්ගලයින් 68,672 දෙනෙකුට බලපෑම් එල්ල වී තිබේ.

ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 233ක් වන බව සඳහන්ය.

මේ අතර ගතවු පැය 24ක කාලය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් අත්තනගලුඔය හා කැලණි, ගිං, නිල්වලා සහ කළු යන ගංගාවල ජල මට්ටම් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු ජී.ඩබ්ලිව්. සකුරා දිල්තාර මහත්මිය.

“ගතවු පැය 24 තුළ බොහෝ ප්‍රදේශයන්ට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබී තිබුණා. මේ තත්ත්වය හමුවේ අත්තනගලුඔය ද්‍රෝණියෙත්, කළු, කැලණි, ගිං යන ද්‍රෝණිහි ජල මට්ටම් මේ වනවිට අඩුවෙමින් පවතිනවා. නමුත් තවමත් ජලයෙන් යට වූ ප්‍රදේශ පවතින නිසා ජනතාව  ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වනවා. විශේෂයෙන්ම අත්තනගලුඔය ද්‍රෝණියේ තවමත් ජලයෙන් යටවූ පහත්බිම් ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළයුතු වෙනවා. ඒ වගේම කැලණි ගංගාව අවට පහත් බිම් තවම ජලයෙන් යටවී පවතිනවා. කෙසේවෙතත් මෙම තත්ත්වය ක්‍රමක් ක්‍රමයෙන් අඩුවීමක් බලාපොරොත්තු වෙනවා. වර්ෂාව අඩුවීමත් සමග මෙම ගංගා ද්‍රෝණින්හි ජල මට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක තමයි පවතින්නේ එම නිසා ඉදිරියේදී සැලකිය යුතු වර්ෂාවක් ලැබුණොත් මෙම ගංගා ඉතා ඉක්මනින් නැවතත් ඉහළ ගංවතුර තත්ත්වයන් දක්වා පැමිණිමට හැකියාවක් පවතිනවා.”      

මේ අතර ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම්  තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව දිස්ත්‍රික්ක 09 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 47ක් සඳහා නිකුත් කළ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනය අද පස්වරු 4 දක්වා බලපැවැත්වෙන බව එම සංවිධානය පැවසීය.

Continue Reading

පුවත්

හිටපු ඇමතිලා 6ක් ගැන අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි

Published

on

By

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු මැති ඇමැතින් ගණනාවක් විසින් වත්කම් උපයාගත් ආකාරය ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. 

ඒ අනුව දැනටමත් අනුප පැස්කුවල් හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන්ට අදාළව අධිකරණ නියෝග ලබාගෙන තිබේ. 

මේ හැර මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන හා හිටපු අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද පැවසේ. 

මේ අයගේ පරීක්ෂණ සම්බන්ධ ප්‍රගතිය ළඟදීම අධිකරණයට වාර්තා කිරීමට ද නියමිත බව සඳහන්ය.

Continue Reading

පුවත්

රාවණා ඇල්ල රළු වෙයි

Published

on

By

මේ දිනවල ඌව පළාතට ඇද හැලෙන වර්ෂාවත් සමග රාවණා ඇල්ල ජලයෙන් පිරි රළු ස්වභාවයක් ගෙන ඇති අයුරු දක්නට ලැබේ.

බණ්ඩාරවෙල සහ ඒ අවට ප්‍රදේශවලට මේ දිනවල නිතර ඇද හැලෙන වර්ෂාව නිසා රාවණා ඇල්ල බොර ජලයෙන් පිිිරී තිබේ.

මේ අතර ඇල්ල – වැල්ලවාය මාර්ගයේ නිතර පස්කදු කඩා වැටීමේ අවදානමක් ඇති බැවින් ඉතාමත්ම අවධානයෙන් රථ වාහන පදවන ලෙස ඇල්ල පොලිසිය රියදුරන්ට දන්වා සිටීයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved