Connect with us

පුවත්

වැස්සෙන් දෙලක්ෂ හැත්තෑ දහසක් අනාථයි, 5ක් ජීවිතක්ෂයට, සුළි කුණාටුව නිසා අදත් මහ වැසි

Published

on

අධික වැසි තත්වය හේතුවෙන් සිදුවූ ආපදා නිසා පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් පස් දෙනෙකු අතුරුදහන්වී දිස්ත්‍රික්ක 20 ක පුද්ගලයින් 276,550 ක පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන්කරයි.

පවුල් 80,642 කට අයත් පිරිසක් මෙලෙස පීඩාවට පත්ව සිටින බවද එම මධ්‍යස්ථානය පවසයි.

යාපනය,පුත්තලම,කෑගල්ල,මන්නාරම,කිලිනොච්චිය,රත්නපුර,ගාල්ල,ත්‍රිකුණාමලය,බදුල්ල,මොණරාගල,මුලතිව්,නුවරඑළිය,අනුරාධපුර,මඩකලපුව,මාතර,මාතලේ,අම්පාර,වව්නියාව,කුරුණෑගල සහ කළුතර යන දිස්ත්‍රික්ක වල පදිංචි පිරිසක් මෙලෙස පීඩාවට පත්ව සිටිති.

මෙම දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 166 ක පිරිසක් මෙලෙස පීඩාවට පත්ව ඇත.

සිදුවූ විවිධ ආපදා හේතුවෙන් පුද්ගලයින් 09 දෙනකු තුවාල ලබා ඇති අතර,නිවාස 16 කට පූර්ණ හානි සිදුවී තවත් නිවාස 882 කට අර්ධ හානි සිදුවී තිබේ.

පුත්තලම,බදුල්ල යන දිස්ත්‍රික්ක වලින් එක් මරණය බැගින්ද,මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මරණ තුනක්ද වාර්තා වේ.අම්පාර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් සිව් දෙනකුද,වව්නියාව දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙකුද අතුරුදහන්වී ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

ආපදාවට පත් පුද්ගලයින්ගෙන් 21,071 ක් ඥාති නිවෙස්වල සිටින අතර,ආරක්ෂිත ස්ථාන 183 කට පුද්ගලයින් 16,553 දෙනකු යොමුකර තිබේ.

වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේය.එම දිස්ත්‍රික්කයේ පවුල් 43,507 කට අයත් පුද්ගලයින් 152,603 ක් පීඩාවට පත්ව සිටිති.

අදත් මහ වැසි….

මේ අතර, නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද දිනයේ (28) සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට නියමිත අතර, එහි බලපෑම මත පළාත් පහකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද දිනයේදීත් මිලි මීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.

මෙම පීඩන අවපාතය ඊයේ (27) පෙරවරු 11.30 ට පමණ ත්‍රිකුණාමලය වෙරළට කිලෝමීටර් 110 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් පිහිටා තිබුණි.

මෙම පද්ධතියේ බලපෑම මත දිවයිනේ පළාත් පහකට අද (28) දිනයේදී මිලි මීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මේ අනුව, උතුර, උතුරුමැද, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ත්‍රිකුණාමලය,කෑගල්ල යන දිස්ත්‍රික්ක වලට තද වැසි ඇතිවේ.

දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලට මිලි මීටර් 75 ට වැඩි වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඊයේ (27) පස්වරු 6 වන විටදී දිවයිනේ වැඩිම වර්ෂාපතන තත්වය වාර්තා වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදිරමුල්ල ග්‍රාම නිලධාරී වසමෙනි.

එම ප්‍රදේශයෙන් මිලි මීටර් 202 ක වර්ෂාපතන තත්වයක් වාර්තා විය.

නැවත දැනුම්දෙනතුරු දිවයින වටාවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හෙට (29) යින් පසු පහව යනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.

හෙතෙම මේ බව පැවසූයේ ඊයේ (27) පවතින අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ඳයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමෙන්තුවේ පැවති මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව දිවයිනේ නිර්මාණය වෙමින් පවතින සුළිකුණාටු තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදී ලංකාවෙන් බැහැරව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශය දක්වා ගමන් කිරීමට නියමිත බවද හෙතෙම පැවසීය.

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved