ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මුණගැසුණු අවස්ථාවේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද කතා කර ඇති බව වාර්තා වේ.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රීලනිප වැඩ බලන සභාපතිවරයා ලෙස පත්වීම පිළිබඳව දෙදෙනා අතර මෙම හමුවේදී සාකච්ඡා වී ඇත.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවය.
ඔහු ඇමැතිකමින් ඉවත් කිරීම පිළිබඳව වගකීම ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට බවද එහිදී ඔහු එහිදී අවධාරණය කර තිබේ.
මේ අතර, විජේදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නම් කිරීමත් සමඟ තත්ත්වය තවත් දරුණු වී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මැයි 01දා විපක්ෂයේ කට්ටිය රනිල්ගේ වේදිකාවට ගොඩ නොවුණේ ඇයි?
මේ අතර, ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග කරන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමෙන් පසු සමගි ජන බලවේගයේ සහ උත්තර ලංකා සභාවේ මන්ත්‍රිවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදි ප්‍රසිද්ධියේම සහය පළ කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රහසිගතව දැනුම් දී ඇති බවට ද වාර්තා පැතිර තිබේ.
මැයි පළමු දින ඔවුන් එජාප වේදිකාවට පැමිණීමට නියමිතව තිබුණද විනය ක්‍රියාමාර්ග හා පක්ෂයේ නීතිරීති ඊට බාධාවක් වී ඇති බැවින් එය සිදු නොවන බවද වාර්තා වේ.
මූලාශ්‍රය – අරුණ