Connect with us

පුවත්

විජේදාස මහ බැංකුවට ඇඟිල්ල දිගු කරයි

Published

on

මූල්‍ය සමාගම් කඩාවැටීමට මෙන්ම ඒ හරහා ජනතාව අසරණතාවයට පත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියාදාමයද බලපා ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

මේ ප්‍රශ්නයට පවතින නීතිය තුළ සාධාරණය ඉටු කිරීම අපහසු බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අධිකරණ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“ඇතැම් මූල්‍ය සමාගම් කඩා වැටීම නිසා විශාල පිරිසකට අසාධාරණකම් සිදුවෙලා තියෙනවා. මේක පසුගිය වසර 20 පුරාම සිදුවුණා. ජනතාව මෙහෙම අසාධාරණයට ලක්වීමට මහ බැංකුවේ ක්‍රියාදාමයක් බලපෑවා. මහ බැංකුව මේ සමාගම් ලියාපදිංචි ඒව කියල වාර්තාවක් ඉදිරිපත් කර ජනතාවට  විශ්වාසයක් දෙනවා. එතකොට ජනතාව ඒවායේ  මුදල් තැන්පත් කරනවා. එහෙම තැන්පත් කරලා ඒ ආයතන කඩා වැටුණම මුදල් ලැබෙන්නේ නැහැ. මේකට විසඳුමක් දෙන්න මමත් උත්සහ කළා. දැන් තියෙන නීති ක්‍රමය තුළ සාධාරණය ඉෂ්ට කරන්න අමාරුයි. නඩු ගිහිල්ලා මුදල් අය කරගන්න ක්‍රියාදාමය  හරි දීර්ඝයියි. මේකට නිවැරදි ක්‍රමයක් පාර්ලිමේන්තුව සකස් කළ යුතුයි. අවුරුදු දහයක් පහළොවක් උසාවිවල රස්තියාදු වුවත් තැන්පත්කරුවන්ට සාධාරණය ඉෂ්ට වෙන්නේ නැහැ. දේපළ අත්පත් කරගෙන ඒවා වෙන්දේසි කර  ජනතාවට බෙදා දෙන ක්‍රමවේදයක් ඇති කරන්න ඕන.”

(ලංකාදීප)

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved