Connect with us

පුවත්

විජේවීරට රඟ පෑ කමලුත් මහ මැතිවරණයට!

Published

on

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහ මැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිත බව එම පක්ෂය කියා සිටී.

ඒ එම පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදීය.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා,

“හොඳ පාර්ලිමේන්තුවක් ගොඩනැගීම ජනතාවට බාරයි. අසාර්ථක වුණු අයව නැවත පාර්ලිමේන්තුවට ගේන සම්ප්‍රදාය අපි බිඳිමු. සහයෝගයෙන් සහ බුද්ධිමත්ව වැඩ කිරීමට හැකි නවක කණ්ඩායමක් තෝරාපත් කරගමු. දෙවන පරපුර තුළින් ඒ ශක්තිය ලබාදෙන්න පුළුවන්. මමත් ඒ අයට ශක්තියක් වෙන්න තමයි අද දෙවන පරපුර සමග එකතු වුණේ.”   

දෙවන පරපුර පක්ෂය සමග අද සිවිල් සංවිධාන කිහිපයක් එකතු වූ අතර එහිදී සම්මුතියකට අත්සන් තැබීම ද සිදුකෙරුණි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන උවිඳු විජේවීර මහතා දෙවන පරපුර පක්ෂයේ නායකත්වය දරයි.

උවිඳු විජේවීර මහතා,

“විපක්ෂයට පරණ හොරු ටිකම යැව්වොත් රට දියුණු කරන්න බැහැ. සමස්ත පාර්ලිමේන්තුවම මේ රටට ආදරය කරන මිනිස්සුන්ගෙන් පුරවමු.”

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා අලලා නිර්මාණය කරන ලද ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ රෝහණ විජේවීරගේ චරිතය නිරූපනය කරනු ලැබුවේ කමල් අද්දරආරච්චි මහතා විසිනි.

පුවත්

ටෙහෙරාන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉවත් කර ගනියි

Published

on

By

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙනත් ස්ථානයක් කරා ගෙන යාමට කටයුතු කර ඇතැයි විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද (17) පාර්ලිමේන්තුවේදී  අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, තානාපති කාර්ය මණ්ඩලය සමග එහි රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් 08 දෙනෙකු ද ආරක්ෂිත ස්ථානයක් වෙත යොමු කර ඇති බවයි.

ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු රැඳී සිටින බවත්, ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් 20,000ක් පමණ සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Continue Reading

පුවත්

තෙල් හිඟයක අවදානමක් නෑ – නලින්ද

Published

on

By

ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මාස දෙකහමාරකට අවශ්‍ය ඉන්ධන තොග තිබෙන බවත්, ඉදිරි දින කිහිපයේ තවත් ඉන්ධන තොග මෙරටට පැමිණීමට නියමිත බවත්ය.

ඉදිරියට අවශ්‍ය පරිදි ඉද්ධන තොග ඇණවුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ සමාජ මාධ්‍යවල පළ කිරීම් විශ්වාස නොකරන ලෙසයි.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකයක්

Published

on

By

සුපිළිපන්න රාජ්‍ය සේවයක් කරා පිය නැඟීමේ අපේක්ෂාව ඇතිව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2025 පෙබරවාරි 18 දින නිකුත් කරන ලද PS/SB/Circular/2/2025 චක්‍රලේඛයට අනුගත වෙමින් “පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකයක්” ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් කටයුතු යොදා ඇත.  

එසේ පිහිටවන ලද අභ්‍යන්තර කටයුතු ඒකකයෙන් අපේක්ෂිත ප්‍රධාන අරමුණු ලෙස ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතිය වර්ධනය කිරීම, ආයතනයේ සියලූම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම, ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම, විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදය සකස් කිරීම, සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම යන කරුණු දැක්විය හැකිය. 

පාර්ලිමේන්තුවේ පිහිටුවන ලද අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානියා ලෙස කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා පත්කොට ඇති අතර සුපිළිපන්න නිලධාරියා ලෙස ප්‍රධාන අභ්‍යන්තර විගණක ඩබ්ලිව්.කේ.ඩී.සී. විතාන මහතා පත්කොට තිබේ. පාර්ලිමේන්තුවේ සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් අභ්‍යන්තර කටයුතු ඒකකයේ සෙසු සමාජිකයන් ලෙස කටයුතු කරන අතර, සෑම දෙපාර්තමේන්තුවක්ම නියෝජනය වන ආකාරයෙන් සහාය කාර්ය මණ්ඩලයක් ද පත්කොට ඇත. 

ඒ අනුව එම ඒකකයේ පළමු රැස්වීම 2025 ජූනි 06 දින එම ඒකකයේ ප්‍රධානී, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, ඒකකයේ ඉදිරි කටයුතු චක්‍රලේඛයේ විධිවිධාන වලට අනුව සිදු කළ යුතු ආකාරය එහිදී සාකච්ඡා කෙරිණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved