Connect with us

පුවත්

විදුලිබිල අඩු කරන යෝජනාව මේ සතියේ මැතිසබයට

Published

on

බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් විදුලි බිල අඩු කිරීමට අවශ්‍ය යෝජනා සකස් කර අවසන් බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී – නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා පැවසුවේය. එ් මහතා මේ අදහස් පළකලේ අද මාධ්‍ය වෙත අදහස්  දක්වමින්. ඒ අනුව එම යෝජනාවලිය මෙම සතිය තුල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද අපේක්ෂා කරන බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය.

මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා, සාමාන්‍ය විදුලි පාරිභෝගිකයින් මෙන්ම නිෂ්පාදන කර්මාන්ත කරුවන් හා අපනයන නිෂ්පාදන කර්මාන්ත කරුවන් විදුලි ඒකකයක මිල ඉහල යාම හේතුවෙන් දැඩි අපහසු තාවයට පත්ව ඇති බව පෙන්වා දුන්නේය.

ඒ අනුව 2023 වසරේ ඔක්තෝබර් මස 18% කින් වැඩි කෙරුණු විදුලි බිල නැවත එම වැඩි වූ ප්‍රතිශතය 100% කින් ඉවත්කිරීමට යෝජනා කර ඇත. එමෙන්ම අධික වර්ෂාපතනය හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය අධික ලාභයක් ලබන බවත් එම ලාභයේ ප්‍රතිලාභ විදුලි පාරිභෝගිකයින්ට ලබාදීමට යෝජනා කර ඇත.

සූර්ය පැනල ආනයනයේදී වැට් ඉවත් කරන්නත් යෝජනාවක්

එමෙන්ම වහල මත සවි කර ඇති සූර්ය පැනල මගින් නිෂ්පාදනය කරනු ලබන විදුලිය කඩිනමින් ජාතික පද්ධතියට එකතු කිරීමටත් සූර්ය පැනල ආනයනය කිරීම වැට් බද්දෙන් නිදහස් කිරීමටද යෝජනා කර ඇති බව සභාපතිවරයා පැවසුවේය.

තවද වසරකට උපරිම දෙවතාවක් පමණක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට හා විදුලි ගාස්තු ගෙවීමේදී පැකේජ ක්‍රමයක් හඳුවන්වා දීමට යෝජනා කර ඇත.

එමෙන්ම නව විදුලි බල පනත පිළිබඳව ඉදිරියේදී කාරක සභාව තුළ අදාළ සියලු පාර්ශව කැඳවා සාකච්ජා කිරීමට අපේක්ෂා කරන බවද කාරක සභා සභාපතිවරයා පැවසුවේය.

පුවත්

ජපන් වාහනවලට පවතින මෙරට අධික බදු ගැන තානාපතිගෙන් කනස්සල්ල

Published

on

By

ශ්‍රී ලංකාව ජපානයෙන් ආනයනය කරන මෝටර් රථ සඳහා පනවා ඇති අධික බදු සම්බන්ධයෙන් ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා කනස්සල්ල පළ කර තිබේ.

පසුගිය සතියේ පැවති සාකච්ඡාවකදී දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කරගැනීම පිළිබඳ අදහස් දැක්වූ අවස්ථාවේදී තානාපතිවරයා ඒ බව පවසා තිබුණි.

ඔහු පවසන්නේ, වෙනත් රටකින් ආනයනය කරන විද්‍යුත් වාහනවලට සාපේක්ෂව ජපානයෙන් ආනයනය කරන විද්‍යුත් වාහන සඳහා ශ්‍රී ලංකාව අධික බදු පනවා ඇති බවය.

එහිදී තානාපති අකියෝ ඉසොමාටා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාව ජපානය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ සලකා බලන්නේ නම්, ජපානයෙන් ආනයනය කරන වාහන සඳහා පනවා ඇති අධික බදු පිළිබඳව සාකච්ඡා කළ යුතු බවය.

නිදහසක් වෙළඳ ගිවිසුමක් අවශ්‍ය වන නිසාවෙන් හුදෙක් එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට ජපානය සූදානම් නැති බවත්, ශ්‍රී ලංකාවෙන් නිදහස් වෙළඳ ගිවිසුමක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් ඔහු සඳහන් කලේය.

දෙරට අතර එවැනි ගිවිසුමක් ඇති කර ගන්නේ නම් දෙපාර්ශ්වයටම වාසිදායක විය යුතු බව තානාපති අකියෝ ඉසොමාටා පවසයි.

සංකේතාත්මකව අවශ්‍ය නිසා හෝ දේශපාලන හේතු මත පමණක් නිදහස් වෙළඳ ගිවිසුමක් සලකා බලන්නේ නැති බවද ඔහු පෙන්වාදෙයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් ජපානය මුහුණ දුන් අත්දැකීම් විස්තර කිරීමටද ඔහු එම අවස්ථාවේ කටයුතු කර තිබුණි.

ඇමෙරිකාව සමඟ මෙවැනි ගැටලු ජපානයට හුරුපුරුදු තත්වයක් බවත්, 1930 දශකයේදී පවා ජපානයට අපනයන සීමා සඳහා බල කෙරුණු බවත් ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

Continue Reading

පුවත්

මාර්ග ආරක්ෂාවට අදාළ නීති දැඩිව ක්‍රියාත්මක කරනවා

Published

on

By

මගී ආරක්ෂාව සහ රථවාහන විනය පිළිබඳව පවතින නීති ක්‍රියාත්මක කිරීමේදී පවතින බාධා නොසලකා නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති බිමල් රත්නායක මහතා පවසයි.

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ ඛේදවාචකය මෙන්ම මෑත කාලීනව සිදුවූ රිය අනතුරු ගැන අවධානය යොමු කරන විට මගී ආරක්ෂාව සහ රථවාහන විනය සම්බන්ධයෙන් බරපතළ සාකච්ඡාවක් සමාජය තුළ මතුව ඇති බවත්, එහිදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හා බාධාවන් මතු වන අතර ඒවා නොසලකා මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කලේය.

කතරගම සිට කුරුණෑගල දක්වා ගමන් කරමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී යාම නිසා සිදු වූ අනතුරින් 23කුට අධික දිවි අහිමි වී ඇති අතර, සෙසු තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා නුවරඑළිය, ගම්පොළ, කොත්මලේ සහ නාවලපිටිය යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.

ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා එදිනම සවස එම අනතුර සිදු වූ ස්ථානයටත්, එම අනතුරින් තුවාල ලැබූ මගීන්ගේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳව සොයා බැලීමටත් අගමැතිනිය සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා සමඟ එම ප්‍රදේශයට ගිය අතර අනතුරට ලක් වූවන් සමඟ සමීප කතා බහකද නිරත වී තිබුණි.

තවද,ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම අනතුරෙන් දිවි අහිමි වූ සියලු දෙනාට ජනාධිපති අරමුදල මඟින් එක් අයෙකුට රුපියල් මිලියනයක් බැගින් වූ මුදලක් ලබා දීමට තීරණය කර ඇති අතර මෙම බස් රථය රක්ෂණය කර ඇති රක්ෂණ සමාගමෙන් බස් රථයේ ගමන් ගත් මියගිය සහ තුවාල ලැබූ සියලු දෙනාට හිමි විය යුතු රක්ෂණ වන්දි කඩිනමින් ලබා දීම සඳහා මැදිහත් වන බව‍ය.

Continue Reading

පුවත්

මහනුවර බස් අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් (UPDATE)

Published

on

By

මහනුවර, අලදෙණිය, කුළුගම්මන ප්‍රදේශයේ  බස් අනතුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි, පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ බස් රථයේ තිරිංග දෝශයක් අනතුරට හේතු වී ඇති බවට සැකකෙරෙන බවයි.
.
මහනුවර, අලදෙණිය, කුළුගම්මන ප්‍රදේශයේ දී ඊයේ(12) රාත්‍රී 10 ට පමණ  බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 38කි.


(පෙර පුවත 2025 මැයි 13 පෙ.ව.11.24 )

වන්දනාවේ ගිය බස් රථයක් මාර්ගයෙන් ඉවතට – 37කට තුවාල

ඊයේ (12) රාත්‍රී කාලයේදී අලදෙණිය පොලිස් වසමේ යටිහලගල කුළුගම්මන මාර්ගයේ සිදුවූ අනතුරකින් 37 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඒ යටිහලගල දෙස සිට කුළුගම්මන දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට ගොස් සිදුවූ අනතුරකිනි.

තුවාල ලබූ පුද්ගලයින් පේරාදෙණිය හා තිත්තපජ්ජල රෝහල්වලට ඇතුලත් කර තිබේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ වන්දනා ගමනක් සඳහා පැමිණි පිරිසකි.

තුවාල ලැබූ පුද්ගලයන්ගේ තත්ත්වය බරපතල නොවන අතර අනතුර සම්බන්ධයෙන් අලදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඡායා – Accident 1st

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved