Connect with us

පුවත්

විදුලිය අඩු කරන යෝජනා 06 වැනිදා

Published

on

විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබන සිකුරාදා (06) මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ඒ.ඩී.කේ.පරාක්‍රමසිංහ මහතා පවසයි.

එය සකස් කිරීමේ ක්‍රියාවලිය අවසන් අදියරේ මේවන විට පවතී.

පැවති ක්‍රමවේදයට අනුකූලව 06% සිට 11% දක්වා පරාසය තුළ විදුලි ගාස්තු අඩු කිරීමට මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලය යෝජනාවක් ඉදිරිපත් කෙරුණි.

එය ප්‍රතික්ෂේප කරමින් මහජන උපයෝගීතා කොමිසම දැනුම්දී තිබුණේ 2025 වසරේ මුල් මාස 06 පිළිබඳ සළකා ගාස්තු සංශෝධන යෝජනාව යළි සකස් කර එවන ලෙසය.

පුවත්

ගුරුවරුන්ට මහින්දගෙන් සුබ ආරංචියක්

Published

on

By

ගුරු, විදුහල්පති, ඇතුළු අධ්‍යාපන කේෂ්ත්‍රයේ සේවාවන් 05ක් ඉහළම වැටුප් ලබන තල 10 අතරට ගෙන ඒමට අදාළ ක්‍රියාමාර්ග රජය විසින් ගනිමින් සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

මහරගම ප්‍රදේශයේ පැවති උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, අධ්‍යාපන කේෂ්ත්‍රයේ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බවය

“අපි පළමු අයවැය ලබන මාසයේ ඉදිරිපත් කරනවා ඒ අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩීමක් සිදුවෙනවා. ඒ පිළිබඳව සැකයක් තියාගන්න එපා. ඒ වගේම ගොඩක් අය අහනවා තුනෙන්දෙක ගැන, ගුරු වැටුප් විශමතාවය ගැන, ඒකට අවශ්‍ය මූලික සාකච්ඡා අපි දැන් සිදුකරමින් තිබෙනවා. මේ වැටුප් විශමතාවය විසඳන්න ඕනේ. ඒ වගේම ඉහළම වැටුප් තල 10 ඇතුළට ගුරු, විදුහල්පති, අධ්‍යාපන පරිපාලන, ගුරු අධ්‍යාපනඥ සහ ගුරු උපදේශක කියන සේවාන් 05 අන්තර්ගතයි. ඒ නිසා මේ සේවාන් 05 ගුණාත්මක භාවය වැඩිකරන්න ඕනේ කියන සාකච්ඡාව දැන් සිදුකරමින් තියෙනවා. ඒ ඔස්සේ මේ සේවාවන්වල ගුණාත්මක භාවය වැඩිකරන්න කොහොමද කටයුතු කරන්නේ ඒ අනුව කොහොමද වැටුප් තල වල පිහිටුවන්නේ කියන සාකච්ඡාව සිදුකරමින් තිබෙනවා.” 

Continue Reading

පුවත්

දිස්ත්‍රික්ක 05කට පනවා තිබූ නායයාමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

Published

on

By

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක පහක ප්‍රදේශයේ ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පනවා ඇති නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කර තිබේ.

ඒ, අනුව අද (13) පස්වරු 4.00 සිට හෙට (14) පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම දීර්ඝ කළ බවයි එම සංවිධානය සඳහන් කළේය.

එලෙස නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන දීර්ඝ කළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්.

බදුල්ල දිස්ත්‍රික්කය – වැලිමඩ, පස්සර, හාලිඇල, බදුල්ල
මහනුවර දිස්ත්‍රික්කය – මැදදුම්බර, පාතදුම්බර, උඩුදුම්බර
කුරෑණෑගල දිස්ත්‍රික්කය – රිදීගම
මාතලේ දිස්ත්‍රික්කය – උකුවෙල, රත්තොට
නුවරඑළිය දිස්ත්‍රික්කය – වලපනේ, හඟුරන්කෙත

Continue Reading

පුවත්

දත් හිරිවැටෙන සියඹලා මිල

Published

on

By

මේ වනවිට දේශීය වෙළඳපොළේ සියඹලා හිඟයත් මතුව තිබේ.

ඒ සමඟ සියඹලාවල මිල ගණන් ද බොහෝ සේ ඉහළගොස් ඇති බවයි වෙළෙඳ ප්‍රජාව සඳහන් කරයි.

මීට පෙර සියඹලා කිලෝවක්  රුපියල් 350ත් 400ත් අතර මිලකට අලෙවි වූ අතර මේ වනවිට හැටන් ප්‍රදේශයේ සියඹලා කිලෝවක් ( සිල්ලර) අලෙවි වන්නේ රුපියල් 2000.00ක ඉහළ මිලකටය.

කෙසේ වෙතත් මේ වනවිට වෙළෙදපොළේ පවතින හිඟතාව හේතුවෙන් මෙලෙස ඉහළ මිලකට සියඹලා අලෙවි කිරීමට සිදුව ඇති බව වෙළෙඳුන් පෙන්වා දෙයි.

මේ දිනවල සියඹලා ගස්වල අස්වැන්න නොමැති බවත්, මාර්තු මස අග පමණ වන විට සියඹලා ඵලදාව ලබාගන්නා තෙක් මෙම හිඟය පවතින බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියහ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved