Connect with us

පුවත්

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් ලබාගැනීම හෙට සිට

Published

on

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු හෙට (17) දිනයේ සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මෙම කටයුතු ජනවාරි 08වනදා දක්වා සිදුකිරීමට නියමිතය.

අදාළ යෝජනා විදුලි ගාස්තු පිළිබඳ මහජන උපදේශනය, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, 6 වන මහල, ලංකා බැංකු වෙළෙඳ කුලුන, කොළඹ 03 යන ලිපිනයට මෙන්ම [email protected] යන විද්‍යුත් තැපෑල ඔස්සේ යොමු කළ හැකි වේ.

එමෙන්ම වට්ස්ඇප් අංක 076 42 710 30 අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකිය.

මහජන උපයෝගීතා කොමිසමට පැමිණ හෝ පළාත් මට්ටමෙන් වෙන්කර ඇති ස්ථානවල දී අදහස් ඉදිරිපත් කළ හැකි බව එම කොමිසම සඳහන් කළේය.

නව වසරේ මුල් මාස 06 කාලය සඳහා විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යා යුතු බවට විදුලි බලමණ්ඩලය යෝජනා කර තිබුණි.

ඒ අනුව එම යෝජනාව කොමිසම විසින් සමාලෝචනයකට ලක්කිරීමට තීරණය කර ඇති අතර එම යෝජනා ඇතුළත් කෙටුම්පත මහජන අදහස් සඳහා ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.

ලංකා විදුලි බලමණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ අවසන් තීරණය ලබන වසරේ ජනවාරි මස 17වනදා දැනුම් දීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේය.

පුවත්

පොදු ප්‍රවාහන බස්රථ ආනයනයේ දී කොන්දේසි මාලාවක්

Published

on

By

එළඹෙන වසරේ ජනවාරි මාසයේ සිට පොදු ප්‍රවාහන බස් රථ ආනයනය කිරීම සඳහා කොන්දේසි මාලාවක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ආරක්ෂිත මෙන්ම නවීන තත්ත්වයට ගැලපෙන බස්රථ පමණක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට කටයුතු කරන බවය.

එමෙන්ම පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන නියමිත ප්‍රමිතීන් යටතේ ධාවනයේ පවතින්නේ ද යන්න පිළිබඳව ඉදිරියේ දී සොයාබැලීම සම්බන්ධයෙන් කටයුතු කරන බව ද ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේය.

Continue Reading

පුවත්

රට හැමතැනම අදත් වැසි

Published

on

By

අද (15) දවසේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය  හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

පුංචි ආණ්ඩු 139ක් හදන්න විපක්ෂය එක්වෙයි

Published

on

By

ජාතික ජන බලවේගයට බහුතර බලය අහිමි පළාත් පාලන ආයතන 139ක බලය පිහිටුවීමට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ ඊයේ (14) එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, මල් පාරේ පිහිටි නිවෙසේ පැවැති සාකච්ඡාවේදී මෙම එකඟතාවට පැමිණ තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved