Connect with us

පුවත්

විදෙස් ඇමතිවරුන් රැසක් ලබන සතියේ ලංකාවට

Published

on

විදෙස් රටවල් රැසක ඇමතිවරුන් එළඹෙන සතියේදී මෙරටට පැමිණීමට නියමිතය.

ඒ, 11දා ශ්‍රී ලංකාව සත්කාරකත්වය යටතේ මෙරට පැවැත්වෙන 23 වන ඉන්දියානු සාගර කලාපීය සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල හමුවටයි.

මේ සඳහා IORA සංගමයේ විදේශ අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් හා සංවාද හවුල්කරුවන් මෙරටට පැමිණෙනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

IORA අමාත්‍ය මණ්ඩල හමුවට බංගලාදේශය, ඉන්දියාව, ඉරානය, මොරිෂස්, මැලේසියාව හා දකුණු අප්‍රිකාව යන රටවල විදේශ අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිතය.

ඊට අමතරව, ඕස්ට්‍රේලියාව, කොමරෝස්, ප්‍රංශය, ඉන්දුනීසියාව, කෙන්යාව, මැඩගස්කරය, මාලදිවයින, මොසැම්බික්, ඕමානය, සීෂෙල්ස්, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, සෝමාලියාව, ටැන්සානියාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය යන සාමාජික රටවල් වලින්ද චීනය, ඊජිප්තුව, සෞදි අරාබිය, ජර්මනිය, ඉතාලිය, ජපානය, කොරියානු ජනරජය, රුසියානු සමූහාණ්ඩුව, තුර්කිය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන සංවාද හවුල්කරු රටවලින්ද අමාත්‍ය සහ ජ්‍යෙෂ්ඨ මට්ටමේ සහභාගීත්වයක් මෙම අවස්ථාවට එක්වනු ඇත.

මෙහිදී වත්මන් IORA සභාපතිත්වය දරන බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට විදේශ අමාත්‍ – අලි සබ්‍රි මහතා වෙත එම සභාපති ධුරය පිරිනැමීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වසරේ සිට 2025 දක්වා කාල සීමාව සඳහා IORA සභාපතීත්වය දරනු ඇත.

අමාත්‍ය මණ්ඩලය යනු IORA හි ඉහළම තීරණ ගැනීමේ ආයතනයයි.

IORA විසින් ප්‍රමුඛතා ක්ෂේත්‍ර ලෙස හඳුනාගෙන ඇති වෙළෙඳ හා ආයෝජන, සමුද්‍රීය ආරක්‍ෂාව, ආරක්ෂාව, ධීවර කළමනාකරණය, ආපදා අවදානම් කළමනාකරණය හා නීල ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍ර 06ක් පිළිබඳ සහයෝගීතාවයෙන් කටයුතු කළ හැකි ක්‍රම පිළිබඳව මෙවර සංවාදයේදී සාකච්ඡා කිරීමට නියමිතය.

IORA මහලේකම් – ආචාර්ය සල්මාන් අල් ෆරිසි මහතා හා මොරිෂස් දූපත් වල පිහිටි IORA ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරුන්ද මෙම හමුවට එක්වීමට නියමිතය.

විදෙස් රටවල අමාත්‍යවරුන් හා නියෝජිතයින් මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව සාමූහික ලෙස හමුවීමටත් මෙරට විදේශ කටයුතු ඇමතිවරයා ඇතුළු අනෙකුත් ඇමතවරුන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත් නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

පුවත්

ව්‍යවස්ථාදායක සභාවේ ලේකම් තනතුරට ඇඩ් එකක් දාන්න යයි

Published

on

By

පුරප්පාඩු වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුර පිරවීම සඳහා පුවත්පත් දැන්වීමක් පළකිරීමට එම සභාව තීරණය කර ඇතැයි වාර්කා වේ.
මේ අතර, “ලංකාදීප” පුවත්පත වාර්තා කර ඇත්තේ එම ධූරයට 

විශ්‍රාමික විනිසුරුවරයකු පත් කිරීම කෙරෙහි එම සභාවේ අවධානය යොමුවී ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට මෙතෙක් පත් කෙරුණේ සේවයේ  සිටින පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා බවද එහි දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා පසුගියදා හදිසියේම එම තනතුරින් ඉල්ලා අස්විය. 

ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය  බාර දෙමින් පැවසුවේ පෞද්ගලික හේතු මත තනතුරින් ඉවත් වන බවයි.

ධම්මික දස නායක මහතා පාර්ලිමේන්තු මහ ලේකම් ධූරයෙන් පසුගිය 2023 වසරේදී විශ්‍රාම ලැබීමෙන් පසු ඔහුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුරට පත්කෙරිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවමෙරට පරිපාලන ව්‍යුහයේ වැදගත් තීරණාත්මක ආයතනයක් ලෙස සැලකේ. 

නීතිපති, පොලිස්පති, ඉහළ උසාවිවල විනිසුරුවරුන් යනාදීන්  පත් කිරීම අනුමත කරනු ලබන්නේ මෙම සභාවෙනි.

Continue Reading

පුවත්

යුද ජයග්‍රහණයට අදට වසර 18යි

Published

on

By

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 16ක් සපිරේ.

2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණි.

ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ ගෞරවය ද මෙරට ආරක්ෂක අංශ වෙත හිමි වේ.

යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය” හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පස්වරු 4 සිට 6 දක්වා මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි.

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජාතික රණවිරු අනුස්මරණ උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතව තිබේ.

මේ අතර දේශප්‍රේමී ජාතික පෙරමුණ ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලීමක් කළේ ජාතික රණවිරු දින සැමරුමට සමගාමීව අද දිනයේ සෑම නිවසකම ජාතික කොඩියක් එසවීමට පියවර ගන්නා ලෙසයි.

Continue Reading

පුවත්

තුසිත, හල්ලොලුවට වෙඩි තැබීමේ සිද්ධියේ පරීක්ෂණ CCDයට බාරදෙයි

Published

on

By

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ගමන් කළ රථය ඉලක්ක කරගනිමින් සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.

වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත අදාළ සිද්ධියේ පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී  ඇති බව පොලීසිය පවසයි.

කොළඹ, නාරාහේන්පිට දාබරේ මාවතේදී ඊයේ (17) රාත්‍රියේ මෙම වෙඩි තැබීමක් සිදුකර තිබිණි.

රථයේ ඉදිරිපස වීදුරුවට වෙඩි වැදී තිබුණත් එහි ගමන් කළ තුසිත හල්ලොලුව මහතාට හෝ ඔහුගේ නීතිඥවරයාට කිසිඳු හානියක් සිදුව නොතිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වෙඩි තැබූ පුද්ගලයන් පහරදීමක්ද සිදුකර ඇති අතර පහරකෑමට ලක්වූ තුසිත හල්ලොලුව මහතා රෝහල්ගත කර ඇති බවය.

මෙම වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව මහතා සතුව තිබූ ලිපිගොනුවක් කිසියම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බව ද වාර්තා වේ.

වෙඩි තැබූ පුද්ගලයන් පලාගොස් ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved