Connect with us

පුවත්

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය “සුහුරුපායට” 

Published

on

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රදූත (කොන්සියුලර්) අංශය, 2024 මැයි මස 02දා සිට ක්‍රියාත්මක වන පරිදි බත්තරමුල්ල, ශ්‍රී සුභූතිපුර පාරේ පිහිටි “සුහුරුපායේ” 16 වැනි මහලෙහි ඇති නව කාර්යාල පරිශ්‍රය වෙත රැගෙන යනු ඇති බව එම අමාත්‍යංශය පවසයි. 

සඳුදා සිට සිකුරාදා තෙක් පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා සාමාන්‍ය කාර්යාල වේලාව තුළ මෙම නව කාර්යාල පරිශ්‍රයේ සිට මහජනතාවට කොන්සියුලර් සේවාවන් සැපයෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ :සුහුරුපායේ පිහිටි නව කාර්යාල පරිශ්‍රය වෙත ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපන පද්ධතිය (e-DAS) මාරු කිරීමේ කටයුතුවලට පහසුකම් සලසනු පිණිස  2024 අප්‍රේල් මස 29 සහ 30 යන දෙදින තුළ, ප්‍රදූත අංශයෙන් මහජනතාවට සැපයෙන සත්‍යාපන සේවා තාවකාලිකව අත්හිටවනු ලැබේ.

කෙසේවුවද, ඉහත කී  සංක්‍රාන්ති කාලය ඇතුළත යාපනය, ත්‍රිකුණාමලය, කුරුණෑගල, මහනුවර සහ මාතර යන නගරවල පිහිටි ප්‍රාදේශීය ප්‍රදූත කාර්යාල සාමාන්‍ය කාර්යාල වේලාවන්හි මහජනතාවට විවෘතව පවතියි. ලේඛන සත්‍යාපනය සඳහා වූ අයැදුම්පත් සාමාන්‍ය පරිදි මෙම ප්‍රාදේශීය කාර්යාල වෙත ඉදිරිපත් කළ හැකි අතර සත්‍යාපනය කරනු ලැබූ ලේඛන යළි අයැදුම්කරුවන්/කාරියන් වෙත ලබා දෙනුයේ 2024 මැයි 02 වැනි බ්‍රහස්පතින්දා දින පමණි.

සිදුවිය හැකි කිසියම් අපහසුතාවන් මඟහරවා ගැනීම සඳහා, සත්‍යාපනය කිරීම පිණිස යම් හදිසි ලේඛන ඇතොත් ඒවා 2024 අප්‍රේල් මස 26 වැනි දින ප.ව. 4.15 ට පෙර කොළඹ පිහිටි ප්‍රදූත අංශයට හෝ ඕනෑම ප්‍රාදේශීය ප්‍රදූත කාර්යාලයකට හෝ භාරදෙන ලෙසද මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved