Connect with us

පුවත්

විරෝධතා නිසා වසර 10ක් නෙකෙරුණ එට්කා දීගේ පාහන්න හදයි!

Published

on

ඇනහිට ඇති ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (එට්කා) සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ නැවත වරක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයේ නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ ප්‍රධාන සාකච්ඡාකරු කේ.ජේ. වීරසිංහ මහතා ප්‍රකාශ කළ බව ද හින්දු පුවත්පත වාර්තා කර ඇත.

ඉන්දියා-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම වඩාත් පුළුල් සහ ශක්තිමත් කිරීමේ අරමුණින් 2016 සිට 2019 දක්වා කාලය තුළ සාකච්ඡා වට 11 ක් පවත්වා ඇති බව වීරසිංහ මහතා ද හින්දු පුවත්පතට පවසා තිබේ.

කෙසේ නමුත් එවකට පැවති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයට ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (එට්කා) පිළිබඳ සාකච්ඡා අවසන් කිරීමට නොහැකි වූ බව ද හින්දු පුවත්පත පෙන්වා දී ඇත.

එට්කා ගිවිසුම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර වසර දහයකට ආසන්න වෙමින් පවතින බවත් ආරම්භයේ සිට ඉන්දියාවට මෙම ගිවිසුම මගින් වැඩි වාසි අත්වනවා යැයි පවසමින් ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සහ ජාතිවාදී කණ්ඩායම් දැඩි විරෝධයක් එල්ල කළ බවත් ද හින්දු පුවත්පත වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාව කඩා වැටී ආර්ථිකය යලි ගොඩනැගීම සඳහා වෙළඳ ගිවිසුම් සහ සෘජු විදේශ ආයෝජන අපේක්ෂා කරන බවත් ඒ හේතුවෙන් එට්කා ගිවිසුම පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට අදහස් කර ඇති බවත් ද හින්දු පුවත් පත පෙන්වා දී ඇත.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved