Connect with us

පුවත්

තිස් වසරකට පසුව ඛණිජ වැලි ඍජු අපනයනය අරඹයි

Published

on

යුද ගැටුම් හේතුවෙන් දශක තුනක් නැවතී තිබුණු ඛණිජ වැලි ඍජු අපනයන කටයුතු යළි ආරම්භ කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමලය වරායෙන් ටොන් 30,000 ක “සර්කෝන්” නමැති පළමු ඛනිජ වැලි තොගය රැගත් නෞකාව පෙරේදා (03දා) රාත්‍රී චීනය බලා පිටත් විය.

ඍජු අපනයන කටයුතු නැවතීමෙන් පසු දශක තුනක් ඛනිජ වැලි අපනයන කටයුතු සිදුවී ඇත්තේ තවත් මැදිහත් පාර්ශ්වයකට මෙම ඛනිජ වැලි ලබාදීමෙන් බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වැඩ බලන නේවාසික කළමනාකරු හා නියෝජ්‍ය හාබර් මාස්ටර් කපිතාන් ශ්‍රියන්ත අරම්පත් මහතා පැවසීය.

මැදිහත් පාර්ශ්වයක් නොමැතිව ඍජු අපනයන කටයුතු ආරම්භ කිරීම මගින් එහි ප්‍රතිලාභය පුල්මුඩේ පිහිටි ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමට ලැබෙන අතර, මෙහෙයුම් කටයුතුවලින් විශාල ආදායමක් වරාය අධිකාරියට ලැබෙන බව වැඩ බලන නේවාසික කළමනාකාරවරයා කීය. ඉදිරි දිනවල තවත් නෞකා දෙකක් යොදා ගනිමින් ඉල්මනයිට් ටොන් 60,000ක් චීනයට යැවීමට නියමිත බවද හෙතෙම පැවසීය.

(අද)

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved