Connect with us

පුවත්

වී අලෙවි මණ්ඩලය යළිත් වී මිලදී ගන්න යයි 

Published

on

වී අලෙවි මණ්ඩලය මගින් නැවතත් වී මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (11) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත.

එහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ මිල කමිටුවේ තීරණය පරිදි නාඩු වී කිලෝවක් රුපියල් 95ක් හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 110ක් බැගින් මිල දී ගැනීමට පියවර ගන්නා බවයි. 

එමෙන්ම වී මිලදී මිලදී ගැනීම සඳහා රජයෙන් ලැබෙන මුදලට සරිලන පරිදි මිලදී ගැනීම් කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

රජය විසින් පසුගිය මහ කන්නයේ දී වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 13ක් වෙන් කළ අතර වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමෙන් ඉවත්වී දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් වී මිලදී ගැනීමට කටයුතු කර තිබුණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තීරණයකට අනුව එලෙස මිලදී ගත් වී වලින් සැකසූ සහල් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට බෙදා දීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එක් පවුලක් සඳහා මාසයකට කිලෝ ග්‍රෑම් 10ක් බැගින් එම සහල් පසුගිය අප්‍රේල් හා මැයි මාසවල බෙදා දුන් බවද අමාත්‍යාංශය සඳහන් කර ඇත.

පුවත්

ජපුර බාහිර උපාධි නවතී

Published

on

By

ශ්‍රී  ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්ශ්‍ විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකය ක්‍රියාත්මක කරන බාහිර උපාධි පාඨමාලා සම්මන්ත්‍රණ සහ ලියාපදිංචි කිරීමේ කටයුතු අද (24) සිට තාවකාලිකව අත්හටුවන බව එම ඒකකය පවසයි.

බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකයට අදාළ වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2010 වර්ෂයේ සිට නිකුත් කර ඇති චක්‍රලේඛ අංක 932, 1/2016 සහ 4/2016 හි සඳහන් කරුණු සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු/අපැහැදිළි තත්වයන් නිරාකරණය කරගන්නා තෙක් එහි කටයුතු අත්හිටුවූ බවත් එම තත්වය ඉතා ඉක්මණින් නිරාකරණය කරගැනීමට කටයුතු කරමින් පවතින් බවත් එම විශ්වවිද්‍යාලය පවසා තිබේ.

ගැටලුව නිරාකරණය කරගත් වහාම අදාල අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකය වැඩි දුරටත් සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දින 12 ක යුද්ධය අවසන් යැයි ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉරානයෙන් ප්‍රතිචාර

Published

on

By

කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය පවසයි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාර නවත්වන්නේ නම් ඉරානයට ද ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණිය හැකි බවය.

කෙසේවෙතත් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිය හමුදා මෙහෙයුම් අවසන් මිනිත්තුව දක්වා සිදුකරන බව ද ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම සියලු ඉරාන වැසියන් සමග එක්ව රට ආරක්ෂා කිරීමට අවසන් ලේ බිංදුව දක්වා සුදානමින් සිටින සතුරාගේ ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට නිර්භීතව ඉදිරිපත්ව සිටින සන්නද්ධ හමුදාවන්ට තම ස්තූතිය පිරිනමන බව ද විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමේ සටහන් තබා තිබේ.

මේ අතර, සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ, ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟත්වය පළ වී ඇති බවය.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවය.

මැදපෙරදිග යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන් අවසන් වන බව ද එම සටහනේ සඳහන්ය.

එම සටහනේ ඔහු පවසන්නේ සියල්ල සිදුවිය යුතු පරිදි ක්‍රියාත්මක වන බව සහ තමා රටවල් දෙකටම සුබ පතන බවයි

මෙම ඉරාන ඊශ්‍රායල යුද්ධය දින 12 ක යුද්ධය ලෙස ඔහු හඳුන්වා දී තිබේ.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved