Connect with us

පුවත්

වී කෙටීමේදී අයකළ සමාජ ආරක්ෂණ බද්ද ඉවතට!

Published

on

වී කෙටිමේදී අයකරනු ලබන සමාජ ආරක්ෂක බද්ද ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ගොවි අස්වනු අලෙවිය ඉහළ නැංවීමේ අරමුණින් එම තීරණය ගත් බවත්, සමාජ ආරක්ෂණ බද්ද මගින් අයකරනු ලැබූ මුදලේ වාසිය ගොවීන්ට හිමිවනු ඇතැයි විශ්වාස කරන බවත්ය.

එම බද්ද ඉවත්කිරීමත් සමග හාල් මෝල් හිමියන් විසින් වැඩි මිලට වී මිලදී ගනු ඇතැයි අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

වී මෝල් හිමියන් වී කෙටීමෙන් උපයන ආදායමෙන් 2.5% ක් සමාජ ආරක්ෂණ බද්ද ලෙස අයකරනු ලැබීය.

පුවත්

DJ එකක් නිසා පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි

Published

on

By

අඟුලාන පොලිස් වසමේ සයුරුපුර මහල් නිවාස සංකීර්ණ ප්‍රජා ශාලාවේ පැවති විවාහ මංගල උත්වයකදී ඊයේ (11) රාත්‍රී කාලයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට පහරදී තිබේ.

අඟුලාන පොලිසිය සඳහන් කරන්නේ, එම පහරදීමෙන් තුවාල ලබා ලුනාව රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවය.

මරණකරු වයස අවුරුදු 52ක් වූ අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු මංගල උත්සවයේ පැවති ඩී.ජේ සංදර්ශනයක් අතරතුර ශබ්ද විකාශන යන්ත්‍රයක ශබ්දය අඩු කරන ලෙස පවසන අවස්ථාවේ ඇති වූ බහින් බස් වීමක් මත මෙම පහරදීම සිදු කර ඇති බවටයි දැනට සිදු කල විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සිද්ධියෙන් පසු සැකකරු පලාගොස් ඇති අතර අඟුලාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Continue Reading

පුවත්

ඡන්දෙට කලින් අපේක්ෂකයින්ගේ සුදුසුකම් දැනගන්න අවස්ථාවක්

Published

on

By

මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ සුදුසුකම් මහ මැතිවරණයට පෙර ජනතාවට දැන ගැනීමට අවස්ථාව සැලසෙන ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා පැෆරල්, මාර්තු 12 ව්‍යාපාරය සහ  ඩිජිටල් තාක්ෂණ සමාගමක් ගිවිසුමකට එළැඹ තිබේ.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ, 225 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිත මෙවර මැතිවරණයට 5000 ක් පමණ අපේක්ෂකයින් සංඛ්‍යාවක් ඉදිරිපත්වී ඇති අතර ඔවුන්ගේ තොරතුරු ජනතාවට දැන ගැනීමට මේ හරහා අවස්ථාව ලැබෙන බවය.

මෙම තොරතුරුවලට අපේක්ෂකයින්ගේ නම, වයස, ඉහළම අධ්‍යාපන සුදුසුකම, වෘත්තීය තොරතුරු, ආදායම් මාර්ග, දේශපාලන පක්ෂය, දිස්ත්‍රික්කය, මනාප අංකය, වත්කම් බැරකම් ප්‍රකාශ, දේශපාලන පළපුරුද්ද, පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමේ අරමුණ, ජනතාව ඡන්දය ලබාදිය යුත්තේ ඇයිද යන්න පිළිබඳ විස්තර ඇතුළත් කිරීමට නියමිතය.

මේ හරහා ඡන්ද දායකයින්ට දැනුවත්ව තමන්ගේ ජනතා නියෝජිතයින් තෝරා ගැනීමට හැකියාව ලැබෙන බවත්, මේ සඳහා අපේක්ෂකයින්ගේ තොරතුරු ලැබීමට සලස්වන ලෙස සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින බවත් පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

Continue Reading

පුවත්

කඩවතින් අධිවේගයේ එන වාහන කඩුවෙලින් පිටවීම නවතයි

Published

on

By

කඩවත දෙසින් අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන වාහන කඩුවෙලින් පිටවීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඒ පවතින අධික වර්ෂාව හේතුවෙන් කැළණි ගඟ පිටාර ගැලීම නිසා ඇතිවී ඇති ගංවතුර තත්ත්වය හේතුවෙනි.

ඒ අනුව, කඩුවෙලින් කඩවත දෙසට පිවිසෙන බර වාහන සඳහා පමණක් අවසර ලබාදී ඇති අතර සැහැල්ලු වාහන සඳහා අවසර ලබාදී නොමැති බව වාර්තා වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved