Connect with us

පුවත්

වෛද්‍ය කපිල වික්‍රමනායකගේ පෙත්සම ගැන අධිකරණයෙන් තීරණයක්

Published

on

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකාබැලීම සඳහා ජුනි මස 04 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කලේය.

තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔහු මෙම පෙත්සම ගොනු කර තිබුණි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම අද (30) කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා සඳහන් කළේ මෙම පෙත්සමට අදාළ සීමිත විරෝධතා ගොනුකර අවසන් බවය.

ඉන්  අනතුරුව පෙත්සම සලකාබැලීම සඳහා ජුනි මස 04 වනදා කැඳවන ලෙස නියෝග කලේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව පොදු දේපොළ පනත යටතේ නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පුවත්

හෙද සේවය සඳහා අලුතින් 3147ක්

Published

on

By

මෙරට හෙද සේවය සඳහා බඳවාගත් 3,147 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම හෙට (24) අරලියගහ මන්දිර පරිශ්‍රයේ රැස්වීම් ශාලාවේ දී පැවැත්වේ.

එය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බවය සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

මෙරට හෙද සේවා ඉතිහාසයේ මෙපමණ ප්‍රමාණයකට එකවර පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලබන පළමුවන අවස්ථාව මෙය වේ. මෙම උත්සවයට සමගාමීව හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනෙකු සඳහා උසස්වීම් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුකිරීමට නියමිතය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්වනු ඇත.

Continue Reading

පුවත්

එක්සත් ජනපද තානාපති ජූලි චංග් අගමැතිනිය හමුවෙයි

Published

on

By

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි ජේ. චන්ග් මහත්මිය අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීය.

එක්සත් ජනපද විදේශ ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමේ ක්‍රමවේදයන් සහ දෙරට අතර තිරසර සහයෝගීතාව සඳහා දායක විය හැකි මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැනිණ.

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් පුළුල් සමාලෝචනයක් බලාපොරොත්තුවෙන් සිටින, විදේශ ආධාර සඳහා මෑතකදී පනවා ඇති මාස තුනක තාවකාලික අත්හිටුවීම් නියෝගය පිළිබඳව නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරියට මෙහිදී පැහැදිලි කළහ.

විශේෂයෙන් කාන්තාවන් සඳහා වන සුරැකුම් නිවාස ව්‍යාපෘතිය වැනි ප්‍රධාන සංවර්ධන වැඩසටහන් කෙරෙහි බලපෑම සහ ආධාරක යාන්ත්‍රණය කඩාකප්පල් වුවහොත් ඇතිවන පුළුල් මානුෂීය ගැටළු සඳහා ලබාගත හැකි විසඳුම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

සංවර්ධනයේ ගෝලීය ප්‍රමුඛයෙකු ලෙස එක්සත් ජනපදයේ තීරණාත්මක කාර්යභාරය සහ ද්විපාර්ශ්වික සහයෝගීතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා සඳහා අඛණ්ඩ සහයෝගය ලබාදීමට ඇති විකල්ප ක්‍රම හඳුනා ගැනීම සඳහා එක්සත් ජනපදය ගන්නා උත්සාහය පිළිබඳ මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ විශේෂ අවධානය යොමු විය.

ආර්ථික ස්ථාවරභාවය ශක්තිමත් කිරීමේදී සහ රටේ දිගුකාලීන සංවර්ධන වැඩපිළිවෙලට සහාය වීමේදී ඇමරිකාව පැන වූ තීරුබදු වල බලපෑම පිළිබඳව සාකච්ඡා විය.

USAID ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වැඩබලන මෙහෙයුම් අධ්‍යක්ෂ සහ වැඩසටහන් කාර්යාල අධ්‍යක්ෂිකා මොරීන් හසියා, අවදානමට ලක්විය හැකි ජන කණ්ඩායම් පිළිබඳ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ඇන්ජලිනා හර්මන්, ආර්ථික වර්ධන කාර්යාලයේ ව්‍යාපෘති කළමනාකරණ විශේෂඥ නිර්මි විතාරණ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යංශයේ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රමුදිතා මුණසිංහ යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

සජබ ආසන සංවිධායක මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තමන් දැරූ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඊට අදාළ ලිපිය අද (23) පෙරවරුවේ පක්ෂ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේදී භාරදී තිබේ.

චමින්ද විජේසිරි මහතා මීට පෙර 2024 ජනවාරි මස 09 වැනිදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්විය.

එහිදී ඔහු කියා සිටියේ ඒ වන විට පාර්ලිමේන්තුවේ සිටි 225 දෙනාටම ජනතාව ශාප කරන බැවින් තමන්ට තවදුරටත් හෘද සාක්ෂියට එකඟව මන්ත්‍රීවරයෙකු ලෙසට පාර්ලිමේන්තුවේ රැදී සිටිය නොහැකි බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved