Connect with us

පුවත්

ශවේන්ද්‍රගේ බිරිඳ හමුදා සේවා වනිතා ඒකකයට කළ සේවයට උත්සවයක්

Published

on

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිනී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ බිරිඳ සුජීවා නෙල්සන් මහත්මිය සිදුකරනු ලැබූ ප්‍රශංසනීය සේවය ඇගයීමට සහ පැසසුමට ලක්කිරීමේ චාම් උත්සවයක් පසුගියදා සංවිධාන කර තිබුණි.

ඒ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ වත්මන් සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි සුජීවා නෙල්සන් මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ වත්මන් සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය ප්‍රමුඛ එම ඒකකයේ විධායක කමිටුවේ සාමාජිකයින් පිරිසක් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් ධනූෂා වීරසූරිය මහත්මිය විසින් උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමෙන් පසුව සුජීවා නෙල්සන් මහත්මිය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වශයෙන් සිදුකරනු ලැබූ සුබසාධන ව්‍යාපෘති අළලා සැකසුනු වීඩියෝ දර්ශණයක් ද ප්‍රදර්ශණය කෙරුණි.

පසුව ජානකී ලියනගේ මහත්මිය දේශනයක් සිදුකරමින් සුජීවා නෙල්සන් මහත්මියගේ ප්‍රශංසනීය සේවය පැසසුමට ලක්කිරීමෙන් පසුව ඇය වෙත සුහදත්වය හා කෘතවේදීත්වය දක්වමින් සමරු තිළිණයක් ප්‍රදානය කළාය.

මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තුවල සේවා වනිතා ශාඛාවන්හී සභාපතිනියන්, ව්‍යාපෘති භාර නිලධාරිනියන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ තවත් සාමාජික/ සාමාජිකාවන් පිරිසක් ද එක්වූහ.

මූලාශ්‍රය – දිනමිණ

Continue Reading

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved