Connect with us

පුවත්

ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර

Published

on

ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ නියමු වැඩසටහන ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් අද (16) ආරම්භ කරන ලදී.

ඒ අනුව, තාවකාලික රියදුරු බලපත්‍ර (Learner’s Permit) ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අතින් අද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලයේදී නිකුත් කෙරුණු අතර, මාස 3ක ප්‍රායෝගික පුහුණුවකින් පසු ඔවුන්ට ස්ථිර බලපත්‍රය ලැබෙනු ඇත.

පසුගිය 06දා රියදුරු බලපත්‍රයක් ලබාගැනීම සඳහා අයදුම්කරුවන් වෛද්‍ය පරීක්ෂණයකට මෙන්ම ලිඛිත පරීක්ෂණයකට යොමු කෙරුණු අතර, ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිටි පුද්ගලයන් 76 දෙනෙකු අතුරින් 44 දෙනෙකු සමත් වී තිබේ.

සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව මෙරට ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන් 388,000ක් පමණ සිටින අතර, ඉන් 39,000ක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේය. දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිටින ශ්‍රවණාබාධිත පුද්ගලයන් 1,000කට ආසන්න පිරිසක් රියදුරු බලපත්‍ර සඳහා ඉල්ලුම් කර ඇති බවද පැවසේ.

පුවත්

සංචාරක පැමිණීම ලක්ෂ 09 ඉක්මවයි

Published

on

By

2025 මැයි මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යා 33,910ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන මගින් අනාවරණය කර ඇත.

ඒ අනුව, වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 930,794ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සුපුරුදු පරිදි ශීත සෘතුවේ නිමාවත් සමඟින් බටහිර රටවල සිට ආසියානු කලාපය වෙත පැමිණෙන සංචාරකයින්ගේ පහළ යාමක් මේ වනවිට වාර්තා වන අතර ඒ අනුව ශ්‍රී ලංකාව වෙත දෛනිකව පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ද මේ වන විට 5,000 මට්ටමින් පහළට පැමිණ ඇත.

කෙසේවෙතත් මැයි 01 සිට මැයි 07 දක්වා සතිය පිරික්සීමේ දී 2023 හා 2024 වසරවල අදාළ සතිය තුළ පැමිණි සංචාරකයින් ප්‍රමාණයට වඩා වැඩි සංචාරක පිරිසක් 2025 වසරේ දී පැමිණ තිබීම විශේෂත්වයකි.

2023 වසරේ දී මෙම ප්‍රමාණය 18,761 ක්වූ අතර 2024 දී 28,526ක් ලෙසින් එය වාර්තා වේ. 2025 මැයි මුල් සතියේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 33,910කි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2025 ජනවාරි – අප්‍රේල් කාලපරිච්ඡේදය තුළ දී වාර්තා වන සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් බවය.

මෙය 2024 මුල් මාස 04 තුළ වාර්තා වූ ඩොලර් මිලියන 1,251.6ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය හා සැසඳීමේ දී 10.2%ක වර්ධනයකි.

2025 අප්‍රේල් මාසය තුළ ඩොලර් මිලියන 646.1ක සංචාරක ඉපැයීමක් සටහන් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

(අද දෙරණ)

Continue Reading

පුවත්

දිවයින පුරා දන්සැල් 8,000කට වැඩි සංඛ්‍යාවක්

Published

on

By

මෙවර වෙසක් පොහොය වෙනුවෙන් දන්සැල් අටදහසකට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචිවී තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ එම සියලු දන්සැල් පරීක්ෂා කිරීමට පියවර ගන්නා බවය.

එසේම දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය විසින් පොදු උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇත.

ආහාර සහ ජලය මගින් බෝවන රෝග සම්බන්ධයෙන් අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ විශේෂ අවදානය යොමු කරන ලෙසයි දන්සැල් සංවිධායකයින්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි.

Continue Reading

පුවත්

විරාට් කෝලි ටෙස්ට් පිටියෙන් සමුගනී

Published

on

By

ඉන්දීය සුපිරි පිතිකරුවෙක් වන විරාට් කෝලි තමන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

36 හැවිරිදි ඔහු මේ පිළිබඳව සඳහන් කර ඇති අතර වසර 14ක වෘත්තීය ජිවිතය නිමා කරන බවයි ඔහු පවසා ඇත.

විරාත් කෝලි 2011 සිට 2025 දක්වා දිවෙන වසර 14 ගැන සටහනක්ද තබා තිබේ.

ලීඩ්ස් හි හෙඩින්ග්ලි හිදී ජුනි මස 20 වනදා ආරම්භ වීමට නියමිත් ඉන්දියා – එංගලන්ත තරඟ පහකින් සමන්විත ටෙස්ට් තරඟාවලියට පෙර ඔහු මේ බව නිවේදනය කර ඇත.

විරාත් කෝලි සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ තැබූ සටහන පහතින්.,

”ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී මම මුලින්ම නිල් පැහැති ඇදුමක් ඇදගෙන වසර 14ක් ගත වී ඇත.අවංකවම, මෙම ආකෘතිය මා රැගෙන යන ගමන මා කිසි විටෙකත් සිතුවේ නැත.එය මාව පරික්ෂා කළා.මාව හැඩ ගැස්වූවා,සහ මම ජීවිතය සඳහා ගෙන යන පාඩම් මට ඉගැන්නුවා,සුදු ඇඳුමින් ක්‍රීඩා කිරීම ගැන ගැඹුරින් පෞද්ගලිකව දෙයක් තියනවා.නිහඬ ඇඹරීම, දිගු දින, කිසිවෙකු නොදකින කුඩා අවස්ථා ඔබ සමඟ සදහටම පවතිනු ඇත.මම මේ ආකෘතියෙන් ඉවත් වන විට , එය පහසු නැත – නමුත් එය නිවැරදි යයි හැඟේ.මා සතුව තිබු සියල්ල මම එයට ලබා දී ඇත්තෙමි.එය මට බලාපොරොත්තු වුවාට වඩා බොහෝ දේ ආපසු ලබා දී ඇත., මම කෘතඥතාවයෙන් පිරුණු හදවතකින් පිටත් වනවා – ක්‍රීඩාව වෙනුවෙන් මා පිටිය බෙදා ගත් පුද්ගලයින් වෙනුවෙන් සහ මඟ දිගේ මාව දැක ඇති බව හැඟවූ සෑම පුද්ගලයෙකු වෙනුවෙන්ම . මම සැමවිටම මගේ ටෙස්ට් ජිවිතය දෙස සිනහවකින් ආපසු හැරී බලමි.” 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved