Connect with us

කැබිනට් තීරණ

ශ්‍රීලංකන් ගැන සොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්

Published

on

ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවත් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ එලෙස අනුමැතිය හිමි වී ඇත.

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම මඟින් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වයක් සැපයුව ද එය පවත්වාගෙන යාම සඳහා රජයට අධික වැය බරක් දැරීමට සිදුව ඇති අතර, එම සමාගම වාර්ෂිකව ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට දරා ගැනීමට අපහසු වී ඇත.

මෙම සමාගම ආර්ථිකමය වශයෙන් වාසිදායක, කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය ආයතනයක් බවට පත් කර, නවීන තාක්ෂණය භාවිත කරමින් සාර්ථක ලෙස පවත්වාගෙන යාම මහජන අභිලාෂය වී තිබේ.

ඒ සඳහා, සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම වර්තමාන තත්ත්වයට පත් වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් පසුගිය කාලපරිච්ඡේදය තුළ සිදු වී ඇති ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ විධිමත් අධ්‍යයනයක් හා ඇගයීමක් සිදුකළ යුතුය.

එසේම, ගුවන්තොටුපොළ මෙහෙයුම් සම්බන්ධයෙන් වගකීම් පැවරී ඇති සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ කටයුතු පිළිබඳව ද විමර්ශනය කිරීමේ අවශ්‍යතාව විවිධ පාර්ශ්වයන් ඔස්සේ රජයේ අවධානයට යොමු කර ඇත.

ඒ අනුව, 2010‑2025 කාලසීමාව තුළ ඉහත සඳහන් ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා සොයා බලා නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා හිටපු විගණකාධිපති එච්.එම්.ගාමිණී විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට නියමිතය.

කැබිනට් තීරණ

හෝටල් සේවිකාවන් සම්බන්ධයෙන් රජයෙන් තීරණයක්

Published

on

By

1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවා හා වැටුප් නියාමනය) පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.

මෙම සංශෝධනය මඟින් වයස අවුරුදු 18 ට වැඩි කාන්තා සේවිකාවන්ට හෝටල් හා අවන්හල්වල ආහාර පාන සැපයීමේ රැකියාවලදී රාත්‍රී 10:00 න් පසුව වැඩ කිරීමට අවසර හිමිවේ.

වත්මන් රෙගුලාසිවලට අනුව, රාත්‍රී වැඩ සඳහා ඇතැම් හෝටල් රැකියාවලට පමණක් අවසර ලබා දී ඇති අතර, ආහාර පාන සේවකයින් ඒ සඳහා බැහැර කර ඇත. මෙය ආගන්තුක සත්කාර කර්මාන්තයේ මෙහෙයුම් ගැටළු ඇති කර ඇත.

කම්කරු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම සංශෝධනය, පනතේ තුන්වන රෙගුලාසිය යාවත්කාලීන කිරීම තුළින්, වර්ධනය වන කර්මාන්ත අවශ්‍යතා පිළිබිඹු කිරීමට සහ කාන්තා සේවිකාවන්ට නීතිමය ආරක්ෂාව සහතික කරමින් ව්‍යාපාරික මෙහෙයුම්වල අඛණ්ඩතාව තහවුරු කිරීමට අපේක්ෂිතය.

මෙමඟින් ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවෙනු ඇති අතර, සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ද බලාපොරොත්තු වේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ (ජූලි 14) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :

Continue Reading

කැබිනට් තීරණ

දහම් පාසල් ගුරුවරුන්ට රුපියල් 7,500ක දීමනාවක්

Published

on

By

දහම් පාසල් ගුරුභවතුන් සඳහා ගුරු දීමනාවක් හා නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය සිදුව තිබේ.

වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු භවතුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ඇතුළත් එක් දිමනාවක් ලෙස රුපියල් 7,500/- ක මුදලක් වර්ෂයකට එක් වතාවක් ගෙවීම පිණිස මෙසේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව මෙම තීරණය 2026 වර්ෂයේ සිට ඉදිරියට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම් පාසල්වල ක්‍රියාත්මක වේ. 

දහම් පාසල්වල සේවය කරන ගුරුභවතුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සඳහා දිරි ගැන්වීම සහ ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම මෙන්ම සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය වන දහම් අධ්‍යාපනයේ අභිවෘද්ධිය පිණිස මෙම තීරණය ගෙන ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved