Connect with us

පුවත්

ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බවට ඒකාබද්ධ නිවේදනයක්

Published

on

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා විහාරය සහ ශ්‍රී දළදා මාළිගාව ඒකාබන්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ  මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්ථවිරයන් වහන්සේ ගේ, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන ස්ථවිරයන් වහන්සේ ගේ සහ ශ්‍රී දළදා මාළිගාගේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අත්සනින් මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ඉල්ලීම හා ආරාධනාව අනුව වසර 16 පසුව සිරි දළදා වන්දනාව සිදු කළේය.

ඒ අනුව, අප්‍රේල් මස 18 දින සිට 27 දින දක්වා පුරා දින දහයක්, දිවමන් බුදුරජාණන් වහන්සේ හා සමාන වූ සුවාසු දහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශය ලද වාම ශ්‍රී දංෂ්ට්‍රා ධාතූන් වහන්සේ දැක වන්දනාමාන කර ගැනීමේ සුදුර්ලභ අවස්ථාව චිරාගත චාරිත්‍රානුකූලව සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ලබා දීමට කටයුතු කළ බව එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම මෙම කාල පරාසය තුළ දේශීය හා විදේශීය වශයෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ස්වකීය ශ්‍රද්ධාධ්‍යාශයන් වඩා වර්ධනය කර ගනිමින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කර ගැනීමට භාග්‍යවන්ත වූ බව මල්වතු – අස්ගිරි උභය මහාවිහාර හා ශ්‍රී දළදා මාළිගාව වෙනුවෙන් ඉමහත් සංතෝෂයෙන් නිවේදනය කරන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහතින්,

තවත් බොහෝ දේ

අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනය අද යි

Published

on

By

අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනය අද (මැයි 22)ට යෙදී තිබේ.

පෘථිවිය තුළ ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ජෛව විවිධත්වය මතය. ජෛව විවිධත්වය යනු පෘථිවිය මත දක්නට ලැබෙන ජීව වස්තූන්ගේ එනම්, ශාක හා සතුන්ගේ විවිධත්වයයි.

ලොව ජෛවවිවිධත්වය කෙරෙහි එල්ල වී ඇති ගැටළු , අභියෝග තර්ජන මෙන්ම එහි වැදගත්කම පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා මෙම දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත.

ජෛව විවිධත්වය යන්නට එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ සම්මේලනය හෙවත් මිහිතල සමුළුව සම්මුතිය මඟින් දී ඇති නිර්වචනය වන්නේ, “ජෛව විවිධත්වය යනු ‘භෞමික සමුද්‍රික සහ අනෙකුත් පරිසර පද්ධතීන් සහ පාරිසරික සංකීර්ණ ඇතුළු සියළුම මූලාශ්‍රයන්හි අඩංගු සහ ඒවායේ කොටසක් වන ජීව වස්තූන් අතර ඇති වෙනස් වීමේ හැකියාවයි’. තව ද, ‘ඒ ඒ ජීවී (ශාක හා සත්ත්ව) විශේෂයන් තුළ ඇති විවිධත්වය වේ” යන්නයි.

ජීවීන් සතුව ඇති අපරිමිත විවිධාත්මකභාවය ජෛව විවිධත්වය ලෙසින් හඳුන්වයි. නමුත් විද්‍යාත්මක ලෙස ජෛව විවිධත්වය අර්ථ දක්වන්නේ නම්, ප්‍රවේණිවල විවිධත්වය, අන්තර් සබඳතා, විශේෂවල විවිධත්වය, පරිසර පද්ධතිවල විවිධත්වය, වාසභූමි ආදී සියල්ලෙහිම පවතින්නාවූ විවිධත්වය ජෛව විවිධත්වය ලෙස හදුනාගත හැකිය.

“සොබාදහම සමඟින් තිරසර සංවර්ධනය” යන්න මෙම වසරේ ජෛවවිවිධත්වය සඳහා වූ අන්තර්ජාතික තේමාව වන අතර එමගින්  එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය, එහි තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සහ කුන්මින්ග් – මොන්ට්‍රියල් ගෝලීය ජෛවවිවිධත්ව රාමුවේ (Kunming Montreal Global Biodiversity Framework – KMGBF) ඉලක්ක අතර සම්බන්ධතා කෙරෙහි ගෝලීය අවධානය යොමු කර තිබේ.

පෘථිවියේ සහ එහි ජීවීන්ගේ යහපැවැත්ම තහවුරු කිරීමට, අනුගමනය කළයුතු මූලික ප්‍රතිපත්තිය තිරසාර සංවර්ධනය යන්න අවබෝධ කරගනිමින් ලොව නායකයන් විසින් 1992 වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරයේදී පරිසරය හා සංවර්ධනය පිළිබඳ සමුළුව හෙවත් “මිහිකත සමුළුව” පවත්වනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජෛවවිවිධත්ව ප්‍රඳප්තිය බිහිවිය.

ඒ අනුව ශ්‍රී ලංකාව ද 1992 දී එක්සත් ජාතීන්ගේ ජෛවවිවිධත්ව සම්මුතියට අත්සන් තැබූ අතර එය 1993 දෙසැම්බර් 29 වන දින සිට බලාත්මක වී ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු එම සම්මුතියේ පාර්ශවකාර රටවල් මෙම අරමුණු සාක්ෂාත් කර  ගැනීම සඳහා ජාතික මට්ටමින් විවිධ ප්‍රතිපත්ති, උපායමාර්ග සහ සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින අතර වාර්ෂිකව විවිධ කාලෝචිත තේමාවන් ඔස්සේ ජෛවවිවිධත්ව සංරක්ෂණය සඳහා කටයුතු සිදු කරනු ලබයි.

මෙවර ජෛවවිවිධත්වය සඳහා වූ ජාතික සැමරුම අද (22) දින දඹුල්ල පොපම් ආබරේටම් වන උද්‍යානයේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

ජෛව විවිධත්ව දින වැඩසටහන අද දින පෙරවරු 09.00 ට  පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය  ඇන්ටන් ජයකොඩි, අමාත්‍යංශ ලේකම් කේ. ආර්. උඩුවාවල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ වර්තමාන ජෛවවිවිධත්වය පිළිබඳ  මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතා විසින් ද “ඌන භාවිත ආහාර බෝග  “ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මහාචාර්යය ගාමිණී පුෂ්පකුමාර මහතා විසින් ද දේශනයන් සිදු කිරීමට නියමිතය. එමෙන් ම මී මැසි පාලනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරාධිතයන් විසින් මී මැසි පෙට්ටි ප්‍රජාව වෙත ලබාදීමේ වැඩසටහනක්ද සංවිධානය කර ඇත.

Continue Reading

පුවත්

මැතිවරණ කොමිසමෙන් නැවතත් ඉල්ලීමක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීමක් කර තිබේ.

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, අදාළ තොරතුරු ලැබුණු විගස සභිකයින්ගේ නම් පළාත් පාලන ආයතන අනුව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවය.

මේ අතර පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ ආදායම් – වියදම් භාරනොදුන් සියලු අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබන 27ට පෙර එම වාර්තා ලබාදිය යුතු බව ද මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේය

Continue Reading

පුවත්

මහ බැංකුව පොලී අඩු කරයි

Published

on

By

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (21) පැවති රැස්වීමේ දී තීරණය කර ඇත.

වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මැදි කාලීනව උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟාවීමට සහායවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved