Connect with us

පුවත්

ශ්‍රී පාද වන්දනා සමය හෙටින් අවසන්

Published

on

ශ්‍රී පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින හෙට (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක ,පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය, ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියෝ පැවසූහ.

වෙසක් පොහෝ දින (05) ශ්‍රී පාද උඩ මළුවේ පිංකම් රැසක් පවත්වන බවත්, ඉන් අනතුරුව (06) දින අලුයම ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ රත්නපුර රජ මාවත සහ කුරුවිට එරත්න මාර්ග ඔස්සෙත්,නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ, නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල රත්නපුර මාර්ග ඔස්සෙත් ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරන බවයි ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ සඳහන් කළහ.

ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා මාර්ග කිහිපයක් ඔස්සේ වැඩම කරවන සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ (06) දින රාත්‍රියේ ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථාන දක්වා වැඩම කර එදින රාත්‍රියේ පුරාණ චාරිත්‍ර අනුව ආගමික වතාවන් සහ දේව පුජාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව (07) දින අලුයම සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තැබෙන බවයි ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.

(ලංකාදීප)

පුවත්

කෙහෙළිය අල්ලස් කොමිසමට පැමිණේ

Published

on

By

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

Continue Reading

පුවත්

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

Published

on

By

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

පාරිභෝගිකයින් විසින් අන්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත ඒකරාශි වෙමින් අනවශ්‍ය තදබදයක් හා පෝලීම් ඇති කරමින් කටයුතු කරන බවට වාර්තාවී ඇති හෙයින් මෙම පියවර ගත් බවද තෙල් සංස්ථාව පෙන්වා දෙයි.

ඒ අනුව, ඉහත තීරණය ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම්දී ඇත.

ඊට පටහැනිව කටයුතු කළහොත් බෙදුම්කාරත්ව ධූරය සම්බන්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බවත් සංස්ථාව දන්වා තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පෙන්වා දෙන්නේ සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයින් විසින් අනියත බියක් ඇති කරගෙන මෙලෙස කටයුතු කරන බවට පෙනී යන බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි හා බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බවය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ (සජීවි විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය පහතින් දැක්වේ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved