Connect with us

පුවත්

ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආහාර  සුරක්ෂිතතා දර්ශකයක්

Published

on

ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකය (GFSI) වැනි දර්ශකවලින් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවෙහි සමස්ත තත්ත්වය නිවැරදිව පිළිබිඹු නොවන බව පෙනී ගොස් ඇති බැවින් හා පවතින දත්ත ප්‍රමාණවත් හෝ නිරවද්‍ය නොවන බැවින්, ඒ මත පිහිටා නිසි ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමද දුෂ්කර වී ඇත. එබැවින්, ඉදිරි වසර 05ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට අදාළ ප්‍රමුඛතා හා ඉලක්ක  හඳුනා ගනිමින් නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලට එළඹීම වෙනුවෙන් මෙම නව ආහාර සුරක්ෂිතතා දර්ශකය නිර්මාණය කෙරේ.

එහි ආරම්භක පියවරක් ලෙස  “ශ්‍රී ලංකාවට සුදුසු ආහාර සුරක්ෂිතතා දර්ශකයක් හඳුනා ගැනීම හා උපායමාර්ග සැලැස්මක්  සම්පාදනය කිරීම” පිළිබඳ වැඩමුළුවක් කොළඹ සිටි සෙන්ටර්හිදී අද (17) පෙරවරුවේ පැවැත්වීණි.

ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) සමඟ සහයෝගිතාවයෙන් ආහාර සුරක්ෂිතතා විද්වත් කමිටුව විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.

වැඩමුළුවේ ආරම්භක දේශනය කරමින්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ගුණරත්න මහතා පැවසූයේ  “ශ්‍රී ලංකාවට අනන්‍ය වූ නිවැරදි දර්ශකයක් නිර්මාණය වීම මෙරට ආර්ථික ස්ථාවරත්වය සහ ආහාර සුරක්ෂිතතාව සඳහා අත්‍යවශ්‍ය පියවරක්” වන බවයි.

ආහාර  සුරක්ෂිතතාවෙහි මූලික සංරචක වන, සුලභතාව, ප්‍රවේශය, භාවිතය හා ස්ථාවරය යන අංශ ඔස්සේ ආහාර සුරක්ෂිතතාවෙහි දිශානතිය පිළිබද අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම වැඩමුළුවේදී අවධානය යොමු කෙරුණු අතර, එමගින් ජාතික ආහාර සුරක්ෂිතතා දර්ශකයක් ගොඩනැංවීමට අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීම මෙම වැඩමුළුවේ අරමුණ වේ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ,  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය  ජීවිකා වීරහේවා යන මහත්ම මහත්මීන් ඇතුළු ආහාර සුරක්ෂිතතා විද්වත් කමිටු සාමාජිකයින්, රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල, ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ, ලෝක ආහාර වැඩසටහනෙහි සහ පෞද්ගලික අංශයෙහි නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පුවත්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

Continue Reading

පුවත්

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

Published

on

By

ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර මංගල්‍යය අද(10) රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය.

දින 14 ක් පුරා පැවති පෙරහර ගමන් මාර්ගය වෙනස් කරමින් සෙත් පිරිත් සජ්ජඣායානා මධ්‍යයේ ආරම්භ වන පෙරහර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ දේවාල මලුව මධ්‍යයෙන් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව, පිට වීථිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගෙවදීමට නියමිතය.

එහි පුද සිරිත් නිම කර ප්‍රධාන වීථිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහ දේවාලය වෙත ගෙවදීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

දිය කැපීම හෙට(11) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය සිදු කෙරේ.

Continue Reading

පුවත්

ආනයනික කිරිපිටි මිල ඉහළට

Published

on

By

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමූ බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
 
මීට පෙර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල සඳහන් වූයේ රුපියල් 1,100.00 ක් ලෙසය.
 
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 1,200.00කි

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved