Connect with us

පුවත්

ශ්‍රී ලංකාව ඇමරිකාවට මුහුණ දියයුතු ආකාරය IMF කියාදෙයි

Published

on

මෑතකාලීනව එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද තීරුබදු වෙනස්කම්, ශ්‍රී ලංකාවේ ආර්ථික පුරෝකථනයන්ට අභියෝගාත්මක තත්ත්වයක් නිර්මාණය කර ඇති පසුබිමක පවා, ශ්‍රී ලංකාව තම අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම, ස්ථාවරත්වය සහ වර්ධනය පවත්වා ගැනීම සඳහා ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසයි.

මේ වන විට එක්සත් ජනපදයේ වොෂිංටන් හි පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2025 වසන්ත රැස්වීම් (2025 Spring Meetings) හි ඊයේ (24) පැවති Regional Economic Outlook – Asia and Pacific සැසියේදී ඔහු මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා,

“ඉතා මෑතක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කළා. නව තීරුබදු ප්‍රකාශයට පත්වෙද්දී පවා ඔවුන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටියේ. එම වාතාවරණය තුළ ලැබී තිබුණු කාලය තීරුබදු බලපෑම සහ ආර්ථිකයේ වර්ධනයට බලපාන ආකාරය පිළිබඳ සාර්ව ආර්ථික රාමුවක් සකස් කිරීමට තරම් ප්‍රමාණවත් වුණේ නැහැ. අපගේ කණ්ඩායම නැවත පැමිණි පසුවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා දිගටම කරගෙන ගියා.”

“පුළුල් වශයෙන් බැලුවහොත් ශ්‍රී ලංකාව විශාල වශයෙන් තීරුබදු බලපෑමට ලක්වූ රටක් බව කිව හැකියි. ඇඟලුම් කර්මාන්ත අංශයට ඉන් ඇතිවිය හැකි බලපෑම විශාලයි. තවත් අංශවලට එය බලපානවා. තීරුබදු බලපෑම විශාල වශයෙන් එල්ල විය හැකි රටවල් අතරට ශ්‍රී ලංකාව හොඳ උදාහරණයක්. ශ්‍රී ලංකාව පමණක් නොව, මෙම බලපෑමට හසුවිය හැකි අනෙකුත් රටවල් මේ අවස්ථාවේ දී ඔවුන්ගේ අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය, කලාපය තුළ මනා සමෝධානයක් පවත්වා ගැනීම ආදිය හරහා ඇතිවිය හැකි බලපෑම අවම කිරීමට උපකාරී විය හැකියි.”

“එතැනින් ඒහාට ගියොත්, ශ්‍රී ලංකාවේ ආයෝජන ඉහළ නංවා ගැනීම සඳහා පරිසරයක් නිර්මාණය කළ යුතුවෙනවා. එය බදු නිදහස් කිරීම් හරහා කරන දිරිගැන්වීම්වලින් නොවිය යුතුයි. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ මූල්‍ය ඒකාබද්ධතාවය හා මූල්‍ය විනය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු වෙනවා. එම තත්ත්වයන් නොවෙනස්ව පවත්වා ගනිමින් පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කර දීමෙන් ආයෝජන ප්‍රවර්ධනයට කටයුතු කළ යුතුයි.”

පුවත්

තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්

Published

on

By

තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාල නිවේදනයේ සඳහන් පරිදි,

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළයේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි වෙන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු සිට ඉතා
රළු විය හැකිය.

මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාව ගෙන් ඉල්ලා සිටියි.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න 

Published

on

By

ඊයේ (මැයි 19) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :

Continue Reading

පුවත්

පාදෙණිය විහාරාධිපති හිමිගේ ධූරය අත්හිටුවයි

Published

on

By

මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් විසින් පාදෙණිය රාජමහා විහාරාධිපති කටුමුළුවේ සුමනරත්න හිමියන්ගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවා තිබේ.

පසුගිය මැයි 18 දා නිකුත් කළ ලිපියකින් මල්වතු පාර්ශ්වය දන්වා ඇත්තේ,මහාසංඝ සභාවේ නියමය නොතකමින් ඉකුත් 17 වනදා ‘සිහිනය’ නම් වැඩසටහන එම විහාරස්ථානයේ දී පැවැත්වීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

ඒ අනුව කටුමුළුවේ සුමනරත්න හිමියන් දැරූ හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවන බව නිල වශයෙන් දන්වා තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved