Connect with us

පුවත්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල මැලේසියානු කාන්තා පිල පහසුවෙන් පරදවයි

Published

on

2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මලයාසියානු කාන්තා කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 144කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (22) සමත් විය.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර විස්ස තුළ කඩුළු 4ක් දැවී ලකුණු 184ක් රැස්කර ගැනීමට සමත් විය.

චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රම  ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක සබඳතාවයක් ගොඩනැගුවේ ය.

අනතුරුව චමරි සමග එක් වූ අනුෂ්කා සංජීවනී තුන්වැනි කඩුල්ලට ලකුණු 115ක සබඳතාවක් ගොඩනැගුවේ ය.

එය වාර්තා අතරට එක් වුණේ පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගයකදී තුන්වැනි කඩුල්ලට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාවය ලෙසයි.

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ශතකයක් රැස් කළ පළමු ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු අද වාර්තා අතරට එක් විය.

ඇය පන්දු 69කින් නොදැවී රැස් කළ ලකුණු 119ට 4 පහර 14ක් සහ 6 පහර 7ක් ඇතුළත්.පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා පිල වෙනුවෙන් ශෂිනි ගිම්හානි කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved