Connect with us

පුවත්

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයි

Published

on

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම පිණිස අති විශේෂ ගැසට් නිවේදනයක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කර තිබේ.

ගැසට් නිවේදනයේ දැක්වෙන පරිදි තාවකාලික කාර්යක්‍රමයක් වශයෙන් එකී සංගමයේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යාම සඳහා සත් පුද්ගල කමිටුවක් පත්කරන අතර එම සත් පුද්ගල කමිටුවේ සභාපති ලෙස මහේෂ් ගම්මන්පිල මහතා නම් කර තිබේ.

එසේම ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ නිලවරණය කැඳවීම සහ ඒ කටුයුතු අධීක්ෂණයට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේනතුවේ අධ්‍යක්ෂ ජනරාල්ට බලය පවරන බව ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාල ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

පුවත්

පුත්තලමේ පාසල් සඳහා හෙටත් නිවාඩු

Published

on

By

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේදීත් වසා තැබීමට තීරණය කර තිබේ.

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යයක්‍ෂ කාර්යාලය ඒ බව නිවේදනය කළේය.

Continue Reading

පුවත්

කෙහෙළිය යළිත් රිමාන්ඩ්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් ජුනි මස 03 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුවන් අද (20) මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

Continue Reading

පුවත්

විජයදාස ට සහ කීර්ති ට වාරණයක්

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved