Connect with us

පුවත්

ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු නිකුත් කිරීම වළක්වන්නැයි ඉල්ලා පෙත්සමක්

Published

on

පසුගිය සැප්තැම්බර් මස පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු හා කඩඉම් ලකුණු නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

 එම විභාගය සඳහා පෙනී සිටි සිසුන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙවර 5ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමේ අවශ්‍යතාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (14) ප්‍රකාශ කලේය.

ඔහු වැඩිදුරටත්  පවසා සිටියේ , අදාළ මතභේදාත්මක ප්‍රශ්න 03 සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බවය.

2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය හේතුවෙන් ගැටලුකාරී තත්වයක් හට ගෙන තිබුණි.

ඒ අනුව, ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කලේය.

ඒ අනුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය ගේ උපදෙස් මත මතභේදයට තුඩු දී ඇති මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීම පිළිබඳව තීරණය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පසුගියදා පියවර ගන්නා ලදී.

පුවත්

රමිත් රඹුක්වැල්ල රිමාන්ඩ් (UPDATE)

Published

on

By

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල එළැඹෙන 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (21) නියෝග කළේය.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවේ සැකකරුවෙකු ලෙස රමිත් රඹුක්වැල්ල අධිකරණය මගින් ඊයේ (20) නම් කළේය.

ඒ අනුව රමිත රඹුක්වැල්ල අද (21) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී, ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව  අත්අඩංගුවට ගනු ලැබීය.


(පෙර පුවත 2025 මැයි 21 ප.ව.3.00)

රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (21) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසමට පැමිණි අතර අත්අඩංගුවට ගැනුනේ ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුවය. 


(පෙර පුවත 2025 මැයි 21 පෙ.ව.10.11 )

රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසමට පැමිණේ

කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 03 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඊයේ (20) නියෝග කළාය.

එමෙන්ම අදාළ නඩුකරවල සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා නම් කිරීමටද මහෙස්ත්‍රාත්වරිය විසින් අල්ලස් කොමිසමට අවසර ලබා දුන්නාය.

ඒ අනුව ප්‍රකාශයක් ලබාදෙන ලෙස මහසේත්‍රාත්වරිය කළ නියෝගයට අනුව සැකකාර රමිත් රඹුක්වැල්ල මහතා අද දින අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

රටපුරා 40,000ක ගුරු හිඟයක්

Published

on

By

මේ වනවිට රට පුරා 40,000ක ගුරු හිගයක් පවතින බවත්, මේ වසර අවසන් වන විට පුරප්පාඩු ප්‍රමාණයෙන් යම් කොටසක් හෝ බඳවා ගැනීමට රජය බලාපොරොත්තු වන බවත්  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විපක්ෂ මන්ත්‍රීවරයෙකු වන මුජිබර් රහුමාන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අද (21) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මෙසේද කීය.

රජයේ පාසල්වල පළමු වසර සිට පහ වසර දක්වා සිංහල මාධ්‍ය ගුරු පුරප්පාඩු 4240ක් සහ  දමිළ මාධ්‍යයෙන් පුරප්පාඩු 2827ක් පවතිනවා. හය වසර සිට එකොළහ වසර දක්වා ගුරු පුරප්පාඩු  සිංහල මාධ්‍යයෙන් 11274ක් සහ දමිළ මාධ්‍යයෙන් 6121ක් තිබෙනවා.

බස්නාහිර පලාතේ පමණක් රජයේ පාසල්වල ගුරු  පුරප්පාඩු   පළමු වසර සිට පහ වසර  දක්වා සිංහල මාධ්‍යයෙන් 1310ක් ද දමිළ මාධ්‍යයෙන් 302ක් සහ හය එකොළහ වසර සඳහා සිංහල මාධ්‍යයෙන් 1325ක් සහ දමිළ මාධ්‍යයෙන් 397ක් ගුරු පුරප්පාඩු තිබෙනවා. සමස්ථයක් ලෙස දිවයින  පුරා 40,000ක ගුරු පුරප්පාඩු පවතිනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ පුරප්පාඩු පිරවීමේදී විභාග ක්‍රමයක් යටතේ බඳවා ගැනීම් සිදු කරන්න කියලා රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිර්දේශ නිකුත් කරලා තිබෙනවා. උපාධිධාරීන් ගුරු වෘත්තියට බඳවා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට උසාවියේ නඩු කටයුත්තක් සිද්ධ වෙනවා මෙි සියල්ල සලකා බලලා ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත් පවතින පුරප්පාඩු ප්‍රමාණයෙන් යම් කොටසක් හෝ මේ වසර අවසන් වන විට පුරවන්න  රජය බලාපොරොත්තු වෙනවා
 යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Continue Reading

පුවත්

අද සිට ඇරඹෙන විශේෂ මෙහෙයුම

Published

on

By

දිවයින පුරා විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයින් හඳුනා ගෙන අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමක් අද (21) උදෑසන සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

සියලු තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ සෘජු දායකත්වයෙන් දිවයින පුරා මෙම විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට  සැලසුම් කර ඇත.

රටේ අනාගත ළමා හා තරුණ පරපුර ඇතුළු සියලු පුරවැසියන් මත්ද්‍රව්‍ය උවුදුරේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම,   සමාජය තුළ මත් ද්‍රව්‍ය භාවිතය හා ජාවාරම හේතුවෙන් ඇතිවන ව්‍යසනකාරී තත්ත්වය වැළැක්වීම , මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවන සමාජ සංස්කෘතික සමාජ සදාචාරාත්මක ආර්ථික හා සෞඛ්‍ය පරිහානිය වළක්වාලීම,  මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් නීතිවිරෝධී ලෙස රටින් බැහැරට යන විදේශ විනිමය නතර කිරීමට පියවර ගැනීම මෙන්ම නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම හා බෙදාහරනු ලබන ජාලය බිඳ දැමීම යනාදී අරමුණු මෙමගින් අපේක්ෂා කෙරේ .

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධව මේ වන විට වැඩබලන පොලිස්පති විසින් සියලු පොලිස්නිලධාරීන් දැනුවත් කිරිමට  කටයුතු කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved