Connect with us

පුවත්

ෂෙඩ් හිමියන්ගේ ණය මිලියන 300ක් කපා හැරීමේ සැලසුමක් එළියට

Published

on

පිරවුම්හල් හිමියන්ගෙන් තෙල් සංස්ථාවට අයවිය යුතු රුපියල් මිලියන තුන්සියයකට (රුපියල් 300,882,260.78) අධික මුදලක් බොල් ණය සේ කපා හැරීමට නිර්දේශ කරමින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ෂෙඩ් හිමියන්ගේ බහුතරය දේශපාලන හිතවතුන් හා ඥාතින් නිසා ඔවුනට මෙම වාසිය ගැනීමට පියවර ගෙන ඇති බවට වෘත්තිය සමිති නියෝජිතයෝ චෝදනා කරති.

තෙල් සංස්ථාවට බෙදුම්කරුවන්ගෙන් මේ වන විට අයවිය යුතු මුළු මුදල රුපියල් බිලියන දහසය ඉක්මවන අතර මුල් අදියර ලෙස රුපියල් මිලියන තුන්සිය ගණනක් මෙසේ කපා හැරීමට යෝජනා කර තිබේ.

එම යෝජනාව මෙවර කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිතව ඇතැයි සංස්ථාවේ අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

මෙම මුදල් පසුගිය වසරේ (2022) මාර්තු 16 වැනිදා දක්වා අය විය යුතු මුදල ලෙස ගණන් බලා ඇති කොටසයි.

මේ වන විට සම්පූර්ණ අයවිය යුතු මුදල රුපියල් බිලියන දහසය ඉක්මවන බව ගණන් බලා තිබේ.

ඉන්ධන මිල උච්ඡාවචනයන්ට සාපේක්ෂව ෂෙඩ් හිමියන්ට වට්ටම් මුදල් ගණනය කිරීමේ දී පදනම් කරගන්නා ඉන්ධන මිල ස්ථායිීකරණය කිරීම යටතේ සංස්ථාවට මෙම මුදල අයවිය යුතු බව ගණන් බලා ඇත.

එසේ තිබියදී මෙම මුදල් අයකර නොගෙන බොල් ණය සේ කපා හැරීමට නිර්දේශ කර ඇත්තේ විදේශීය ආයෝජකයන්ට ඉන්ධන පිරවුම්හල් ලබාදීමේ දී ඒවා සංස්ථාවට ණයවූ පිරවුම්හල් ලෙස ලබාදිය නොහැකි බවට අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයක් මත බවද පැවසේ.

මෙම තීරණයට අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරයක් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් අකමැත්ත පළ කර ඇති බවද මේ අතර වාර්තා වේ.

මෙම තීරණයට කැමැත්ත පළ වී ඇත්තේ සංස්ථාවේ සභාපති, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලෙවි) හා අලෙවි කළමනාකරුවන් පමණක් බව තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු හෙළිකර තිබේ.

මෙම ණය කපා ගැනීම සම්බන්ධ විගණන විමසුමක් හා අධිකරණයේ නඩුවක් පැවැතියදී බොල් ණය සේ කපා හැරීමේ තීරණයට අමාත්‍යාංශ ලේකම්වරයාගේද විරෝධය පළවූ බවද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කර ඇත.

චීනයේ සිනොපෙක් සමාගමට ඉන්ධන පිරවුම්හල් ලබාදීමේ දී ඊට අදාළ ඉන්ධන පිරවුම්හල්වලින් අයවිය යුතු මුදල කපා හැරීමට මූලික අදියරේ සූදානමක් ලෙස මෙය සිදුවන බවද පැවසේ.

තෙල් මිල ඉහළ දැමීම්වලදී බෙදුම්කරුවන් ඉහළ ලාභයක් ලැබුවද තෙල් මිල පහළ දැමීමේ දී ඔවුන්ට සිදු වූ පාඩුව සැලකිල්ලට ගෙන මෙම මුදල කපා හැරීමට යෝජනා කර කැබිනට් පත්‍රිකාව යොමු කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

සිනොපෙක් පිරවුම්හල් හිමියන්ට වැඩි ලාභ

මේ අතර, සිනොපෙක් සමාගම ඉන්ධන හල් හිමියන්ට පෙට්‍රල්  ලීටරයකට රුපියල් 6ක ලාභයක් ලබාදනෙ බවද වාර්තා වේ.

එසේ ඔවුන් පෙට්‍රල්  ලීටරයක් සඳහා ෂෙඩ් හිමියන්ට රුපියල් 6ක ලාභයක් ලබාදෙන්නේ ජනතාවට තෙල් ලීටරයක් රුපියල් 3ක් අඩුවෙන් ලාබාදෙමින්වීම ද විශ‌ේෂිතය.

පුවත්

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

Published

on

By

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (23) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.

ඒ අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

ඒ අනුව අද පෙරවරු 10.00ට පමණ පැමිණි ඔහු මේ වන විටත් ප්‍රකාශ ලබා දෙමින් සිටින බවද වාර්තා වේ. 

Continue Reading

පුවත්

සියලු බන්ධනාගාර ප්‍රධානීන්ව කොළඹට කැඳවයි

Published

on

By

දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අද(23) උදෑසන 8.30ට අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

පැය දෙකකට අධික කාලයක් එම සාකච්ඡාව පවත්වා තිබේ.

දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරිවරුන්, කොමසාරිවරුන් මෙන්ම සහකාර කොමසාරිස්වරුන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

වර්තමානයේ බන්ධනාගාර තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇත.

බන්ධනාගාර ආශ්‍රිත ඉදිරි කටයුතු පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී පැමිණි නිලධාරීන් දැනුවත් කර තිබේ.

Continue Reading

පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්ට වරෙන්තු

Published

on

By

රුපියල් ලක්ෂ 369කට ආසන්න ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුවකට අදාළව අද (23) දින අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.

2010 සහ 2012 වසරවලට අදාළව ගෙවීමට නියමිත ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් ඉකුත් 2023 වසරේදී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබුණි.

මෙම නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි දිනේෂ් පෙරේරා මහතා සඳහන් කර සිටියේ, වගඋත්තකරුට සිතාසි භාරදී තිබුණද ඔහු අධිකරණයට පැමිණ නොමැති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කිරීමට නියම කළාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved