Connect with us

පුවත්

සංචාරක ක්ෂේත්‍රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර

Published

on

සචාරක ක්ෂේත්‍රයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාර ධර්ම වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.

එහි මුලික සාකච්ඡාවක් ඊයේ (18) ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ දී පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව මෙම වර්ෂයේ දී දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි කුලී රථ රියදුරන් දස දහසක් පුහුණු කිරීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා රුපියල් මිලියන 25ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර, එක් පළාතක් තුළ වැඩසටහන් 10 බැගින් පැවැත්වීමට අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙහිදි ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මාර්ග නීති සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබාදීම, රියදුරන් තුළ වගකීම් සහගත බව ඇති කිරීම, ප්‍රවාහන සේවා සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම, සංචාරකයාගේ අභිමතාර්ථ ඉටුවන පරිදි සේවා සැපයීම යන කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නියමිතය.

සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවාවල ගුණාත්මක බව වැඩිදියුණු කිරීමේ අරමුණින් සංචාරක ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මෘදුකාංග යෙදවුමක් හඳුන්වාදීමට ද සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.  

මීට අමතරව මිත්‍රශීලීව හා ගුණාත්මක ලෙස පාරිභෝගික සේවා පවත්වාගෙන යාම සඳහා ත්‍රීරෝද රථ රියදුරන් තුළ යහපත් ආකල්ප ප්‍රවර්ධනය, පුද්ගලික සනීපාරක්ෂාව සහ වෘත්තීමයභාවය වැඩිදියුණු කිරීම, තමන් ආවරණය කරන ප්‍රදේශ හා ස්ථාන පිළිබඳ දැනුම වර්ධනය කිරීම ද මෙම වැඩසටහන මගින් සැලසුම් කර තිබේ.

පුවත්

“ගල් ඉබ්බා” මතුගමදී පොලීසියට කොටුවේ

Published

on

By

අයිස් මත්ද්‍රව්‍ය සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගයාන් ප්‍රභාත් නොහොත් ගල් ඉබ්බා මතුගම බෝපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , කළුතර අපරාධ කොට්ඨාශය නිලධාරින් විසිනි.

පොලීසිය සඳහන් කළේ , සැකකරු කලක් ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇති අතර විවිධ චෝදනා හේතුවෙන් එරටින් පිටුවහල් කර ඇති බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදාගත් ජංගම දුරකතනයක් ද සැකකරු සතුව තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී සොයා ගත් , අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 11කට ආසන්නය.

සැකකරු අද මතුගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

තලවතුගොඩ Austasiaහි වෙඩි තැබීමක්

Published

on

By

තලංග​ම පොලිස් වසමේ තලවතුගොඩ ප්‍රදේශයේදී අද අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුවී ඇත.

මෙම වෙඩි තැබීම සිදුවී ඇත්තේ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි ඔස්ට්‍රේසියා ස්පොට් ක්ලබ් සමාජ ශාලාව (Austasia Sports and Leisure Club)  පිහිටි භුමියේදී ය.

ව්‍යාපාරිකයෙක් සහ සුරාබදු නිලධාරියෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් ඇති වූ ආරවුලකදී ව්‍යාපාරිකයා විසින් ඔහු සතුව තිබු බලපත්‍ර සහිත රිවෝල්වර වර්ගයේ ගිනි අවිය සුරාබදු නිලධාරියා වෙත එල්ල කර තිබේ.

එම අවස්ථාවේ දී සුරාබදු නිලධාරියා විසින් ගිනි අවිය උදුරාගෙන අසල පිහිටි තාප්පයක් වෙත වෙඩි පහර කිහිපයක් එල්ල කර ඇති බවයි වාර්තා වේ.

සිදුවීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත එම ස්ථානය වෙත ගිය පොලිස් නිලධාරීන් රිවෝල්වර ගිනි අවිය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන් තිබේ. 

වෙඩි තැබිමේ සිද්ධියෙන් කිසිවෙකුටත් ජිවිත හානියක් සිදුවී නොමැති අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් තලංගම පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලැබේ.

Continue Reading

පුවත්

ඇමරිකා මැදිහත්වීමෙන් අධිකරණ වෛද්‍ය විද්‍යාගාර හැකියාවන් වැඩි දියුණු කිරීමේ වැඩසටහනක්

Published

on

By

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය (NDDCB) සමඟ සහයෝගීතාවයෙන්, සති දෙකක කලාපීය පුහුණු වැඩසටහනක් පවත්වන ලදී

මෙම වැඩමුළුවේදී, බරපතළ ගෝලීය ගැටලුවක් බවට පත්ව ඇති කෘත්‍රිම මත්ද්‍රව්‍ය සහ නව මනෝවර්තක ද්‍රව්‍ය, විශේෂයෙන් ෆෙන්ටනිල් සහ ඒ හා සමාන ද්‍රව්‍ය හඳුනා ගැනීම සහ විශ්ලේෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.

පුහුණුව අවසානයේ පැවති උත්සවයකදී, එක්සත් ජනපද නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ජේන් හොවෙල් මහත්මිය, මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩළයේ (NDDCB) සභාපති ආචාර්ය ඉන්දික වන්නිනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, රේඩියන් ASAP මත්ද්‍රව්‍ය පරීක්ෂණ උපකරණය ශ්‍රී ලංකා බලධාරීන්ට භාර භාර දීම ද සිදුවිය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අරමුදල් ලද කලාපීය මුලපිරීමක් වන අධිකරණ වෛද්‍ය විද්‍යාගාර හැකියාවන් වැඩිදියුණු කිරීමේ වැඩසටහනෙහි කොටසක් ලෙස, දකුණු ආසියාව පුරා කෘත්‍රිම මත්ද්‍රව්‍ය හඳුනාගැනීම ශක්තිමත් කිරීමට, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හා නීතිය බලාත්මක කිරීමේ කටයුතු පිළිබඳ කාර්යාංශය (INL), Colombo Plan සමඟ හවුල් වී ඇත.

සිය ජාතිකරසායනාගාරවල මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමේ නවීනතම උපකරණ ස්ථාපනයට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය සහ නේපාලය යන
රටවල අධිකරණ වෛද්‍ය වෘත්තිකයන් කොළඹදී සති දෙකක විස්තීරණ පන්ති කාමර සහ ප්‍රායෝගික පුහුණුවකට සහභාගී වූහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved