Connect with us

පුවත්

“සංචාරක වීසා මත පැමිණ මෙරට ව්‍යාපාර සිදුකිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙනවා”

Published

on

සංචාරක වීසා මත පැමිණ මෙරට ව්‍යාපාර කිරීමට කිසිඳු නීතිමය අවසරයක් නැති බවත්, එවැනි සිද්ධි සම්බන්ධයෙන් රජය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.

ජනවාරි 08 වැනිදා පැවති පාර්ලිමේන්තු සභා වාරයේදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් ක⁣ළාය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

“ගෙවී ගිය වසර තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි ඊශ්‍රායල් ජාතිකයින් සංඛ්‍යාව 25,514 යි.

ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය තුළ ඊශ්‍රායල් ජාතිකයන් ලෙස පැමිණීම සටහන් වන නමුත් සන්නද්ධ හමුදා ලෙස වර්ගීකරණයකින් යුතුව තොරතුරු වාර්තා නොවන බැවින් කිසිම කෙනෙක් පිළිබඳ මෙහෙම වර්ගීකරණයක් සිද්ධ වෙන්නේ නෑ.

සංචාරක වීසා මත මේ රටට පැමිණ ව්‍යාපාර කටයුතු කිරීමට නීතිමය කිසිම ඉඩක් නෑ.

නමුත් අපිට ආරංචි වෙලා තිබෙනවා ඊශ්‍රායල් ජාතිකයන් විතරක් නෙවෙයි, විවිධ රටවල් වලින් සංචාරකයන් හැටියට මෙහි පැමිණ ව්‍යාපාර කටයුතුවල යෙදෙනවා.

ඒක ප්‍රශ්නයක් හැටියට අපි හඳුනාගෙන තියෙනවා ඒකට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් ඒවා නතර කිරීමට වැඩපිළිවෙලක් යොදමින් යන්නේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන ඊශ්‍රායල් ජාතිකයන් ඇතුළු සංචාරකයින් සඳහා ව්‍යාපාර කර්මාන්ත ආරම්භ කිරීම වැනි ආයෝජන ව්‍යාපෘති සඳහා වීසා බලපත් නිකුත් කිරීම රජය විසින් කරන්නේ නැහැ.

2020 වර්ෂයේ සිට මේ දක්වා වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයන් පොලිස් ස්ථානයකින් හෝ අනෙකුත් ක්‍රියාකාරී කොට්ඨාසවලින් රඳවාගෙන නැහැ.

වීසා නැති එක් ඊශ්‍රායල් ජාතිකයෙක් පොලිස් රැඳවුම් භාරයේ සිටිනවා.

අපිට මේ රටෙි ඉන්න සංචාරකයින් ආරක්ෂා කර ගැනීමේ වගකීමක් තිබෙනවා”

විශේෂයෙන් අරුගම්බේ සිද්ධියත් එක්ක ලැබුණු බුද්ධි තොරතුරු අනුව එම ප්‍රදේශයට ආරක්ෂාව සැපයීමක් සිදුකළ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved