Connect with us

පුවත්

සංජය මහවත්තට ඇප

Published

on

සමාජ මාධ්‍ය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බොරු චෝදනා එල්ල කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (05) නියෝග කලේය.

රජයේ නිලධාරීන්ට අසත්‍ය කරුණු එල්ල කරමින් චෝදනා නොකරන ලෙස තරයේ අවවාද කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රුපියල් 25000ක මුදල් ඇපයක් හා ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් සැකකරුට නියම විය.

නීතිය ක්‍රියාවේ යෙදවීමේ නිරත වන රහස් පොලිසියට හා එම නිලධාරීන්ට අගෞරවය හා වෛරය ඇති කරවන ප්‍රකාශ නිකුත් කිරීම,යම් තැනැත්තෙකුට පාඩු අලාභ සිදු කිරීමේ චේතනාවෙන් බොරු චෝදනා එල්ල කිරීම ඇතුළු චෝදනා යටතේ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබුණි.

සබැඳි පුවත්

සංජය මහවත්ත රිමාන්ඩ්

පුවත්

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල්  67කට ක්‍රිකට් උපකරණ

Published

on

By

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් පාසැල් 67ක් සඳහා ක්‍රිකට් උපකරණ ප්‍රදානය කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව, සාගල රත්නායක මහතාගේ පූර්ණ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක Youth vision 2048 සංවිධානය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

මෙහිදී අදහස් දැක්වූ සාගල රත්නායක මහතා සඳහන් කළේ ජාතික මට්ටමේ දක්ෂ ක්‍රීඩකයින් බිහි කිරීමට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉතා වැදගත් බවයි. එසේම රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි නඟා සිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් දෙවසර තුළ කැපවී කටයුතු කළ බවත්, එම ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කර දූෂණයෙන් තොර ක්‍රමවත් ආර්ථික රාමුවක් තුළ රටේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟාදීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවත් ඒ මහතා සඳහන් කළේය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා ද මෙහිදී අදහස් දැක්වූ අතර අනාගත පරපුරේ ක්‍රීඩා කෞෂල්‍ය ඔප් නැංවීම වෙනුවෙන් දායක වූ සියලුදෙනාට ඒ මහතා සිය ප්‍රශංසාව පළ කළේය.
ජනාධිපති තරුණ කටයුතු හා තිරසර සංවර්ධන  අධ්‍යක්ෂ සචිර සරත්චන්ද්‍ර, Youth vision 2048 සංවිධානයේ උපදේශක ආචාර්ය ලසන්ත ගුණවර්ධන, Youth vision 2048 සංවිධානයේ සභාපති ඩෑන් පෝද්දිවෙල,  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  නිලධාරීන් සහ විදුල්පතිවරුන්, ක්‍රීඩා උපදේශකවරුන් සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ (ජූලි 15) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :

Continue Reading

පුවත්

ජල ගාස්තු සූත්‍රයට කැබිනට් අනුමැතිය

Published

on

By

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමාලෝචනය කිරීම පිණිස ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2024-04-08 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි සාකච්ඡාවට ගන්නා ලද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නව ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රයට සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන ඇතුළත් කරමින් නව ගාස්තු ප්‍රතිපත්තිය සම සූත්‍රය ඉදිරිපත් කිරීමට නියම කර ඇත.

මේ අනුව සකස් කර ඇති සංශෝධිත ජල ගාස්තු ප්‍රතිපත්තිය සහ සංශෝධිත ජල ගාස්තු සූත්‍රය 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීම පිණිස ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved