Connect with us

පුවත්

සංවර්ධනය කරා යෑමට සහාය දෙන්න චීනය සූදානම්

Published

on

විදේශ රටවල් සමග මිත්‍රත්වය සඳහා වන චීන මහජන සංගමයේ සභාපති ලින් සොන්ටියැන්
ශ්‍රී ලංකාවට සංවර්ධනය කරා යෑමට අවශ්‍ය සහාය ලබාදීමට චීනය සූදානමින් පසුවන බවත්, ශ්‍රී ලංකාව ඒ සඳහා සූදානම් විය යුතු බවත් විදේශ රටවල් සමග මිත්‍රත්වය සඳහා වන චීන මහජන සංගමයේ සභාපති (CPAFFC) ලින් සොන්ටියැන් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ චීන මිත්‍රත්ව සංගම් එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකා – චීන මිත්‍රත්ව සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඊයේ (15දා) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ඒ ඔහු මේ බව කීය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා,
&මම ශ්‍රී ලංකාවේ සංචාරය කළ පළමු අවස්ථාව මෙයයි. යළි චීනය බලා ගිය පසු ශ්‍රී ලංකාව ඉතා සාමකාමී රටක් බවත්, සුහදශීලී ආගන්තුක සත්කාරයට ළැදි ජනතාවක් සිටින රටක් බවත් චීන ජනතාවට පවසනවා. ශ්‍රී ලංකාව සංචාරය කිරීමට ඉතා සුදුසු රටක් බවත්, එහි සංචාරය කරන ලෙසත් මම අපේ ජනතාවට කියනවා.

ඇත්තටම මේ රටට තිබෙන්නේ ඉතා වැදගත් පිහිටීමක්. එහි වාසිය ගැනීමට ශ්‍රී ලංකාව උත්සාහ කළ යුතුයි. විවිධ පාර්ශ්ව ආධාර දෙයි. එහෙත් ආධාර දෙන කිසිවෙක් ඔබට රැකියා දෙන්නේ නැහැ. අපි මේ ආධාර නිවැරදිව යොදාගෙන රැකියා ඇති කරගත යුතුයි. ආයෝජනයට අවශ්‍ය යටිතල පහසුකම් හදලා ආයෝජකයන්ට පැමිණෙන්න කියා ආරාධනා කළ යුතුයි. හම්බන්තොට ආයෝජන කලාපය ගන්න. ඒක චීනය හැදුවට ඒකෙ ආයෝජනය කරන්න කිසිවෙකුටත් සීමාවක් නෑ. ඉන්දියාව, ඇමෙරිකාව, ජපානය මේ හැමෝටම ඔබ ආරාධනා කළ යුතුයි එන්න අපේ රටේ ආයෝජනය කරන්න කියා. ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන ගමනට සහයෝගය දෙන්න චීනය සූදානම්. එහෙත් චීනය හෝ වෙනත් රටක් සූදානම් වූ පමණින් එය කරන්නට බැහැ. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ඔබත් සූදානම් විය යුතුයි* යැයි පැවසීය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති හූ වෙයි, CPAFFCහි සාමාජිකයන්, ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය, ශ්‍රී ලංකා චීන සංගමය, ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය, ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය ඇතුළු ශ්‍රී ලංකාවේ චීන මිත්‍රත්ව සංගම්වල නියොජිතයෝ මෙම අවස්ථාවට එක්වූහ.

චීනයේ මිත්‍රත්ව සංගම් 46කින් සැදුම්ලත් CPAFFC සංවිධානය ලොව පුරා රටවල් 157ක මිත්‍රත්ව සංවිධාන 413ක් සමග කටයුතු කරන අතර, එය චීනය සහ ලෝකයේ සෙසු රටවල් අතර මිත්‍රත්වය වර්ධනය කිරීමට කැපවන ආයතනයකි.

සබැඳි පුවත් :

චීන මිත්‍රත්ව සංගමයේ සභාපති ලංකාවට ! (ඡායා)

පුවත්

බණ්ඩාරවෙල  සතොස ගිනිගනී

Published

on

By

බණ්ඩාරවෙල නගරයේ පිහිටි සතොස ආයතනයේ අද (20)  අලුයම ගින්නක් ඇතිවී තිබේ.

ගින්නෙන් එම ආයතනයට දැඩි ලෙස අලාභහානි වී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

මෙම සතොස ආයතනය වසා තිබියදී මෙසේ එහි ගබඩාවේ අලුයම ගින්න හටගෙන ඇති බවත් ,එම අවස්ථාවේ එම වෙළෙඳ සංකීර්ණය අසල රාත්‍රි  මුර  රාජකාරියේ නිරතව සිටි  සේවකයන් විසින් මෙම ගින්න දැක බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය ට දැනුම් දී තිබේ.

අනතුරුව බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය සහ බණ්ඩාරවෙල පොලිසිය එක්වී එම ගින්න අවට ප්‍රදේශයට පැතිර යාමට ඉඩ නොදී ගිනිනිවිම් රථ ජල බවුසර් යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වූ බවද
පොලිසිය සදහන් කළේය.

ගින්නෙන් සතොස ආයතනයේ ගබඩාව තුළ තිබූ හාල් , සීනි ඇතුලු  ආහාර ද්‍රව්‍ය  සමග   දේපළ රැසක් විනාශ වී ඇති බවත් ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැත.

Continue Reading

පුවත්

පොලිස් විශේෂ ආරක්ෂක දිසාවට අලුත් ප්‍රධානියෙක්

Published

on

By

පොලිස් විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතා අද (20) සිට පත් කර තිබේ.

ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි.

එම තනතුර සඳහා ස්ථීර වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කරන තෙක් නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත එම තනතුරේ රාජකාරී සඳහා පත්කළ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඔහු රාජකාරීන් සිදුකළ මඩකලපුව දිසාව සඳහා පුරප්පාඩු වන තනතුරේ රාජකාරී නැවත දැනුම්දෙන තුරු ආවරණය කිරීම සඳහා අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන එච්. සමුද්‍රජීව මහතා පත් කර ඇත.

Continue Reading

පුවත්

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට

Published

on

By

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි විදේශිකයෙකුට අද (20) දින හදිසියේම ඇති වූ අසනීප තත්ත්වයක් නිසා මියගොස් ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික පුද්ගලයෙකි.

මෙම විදෙස් සංචාරකයා ශ්‍රීපාදය වන්දනා කිරීමට යනවිට නල්ලතන්නිය මාර්ගයේ, ඉදිකටුපාන ප්‍රදේශයේදී හදිසියේම රෝගාතුර වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෘත ශරීරය මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නල්ලතන්නිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved