Connect with us

පුවත්

සජබ සම්මේලනයට 25,000ක් !

Published

on

සමගි ජනබලවේගය පක්ෂයේ වාර්ෂික සම්මේලනය අද (11) පැවැත්වේ.

අද පස්වරු 01ට පමණ බොරැල්ල කැම්බල් පිටියේදී පක්ෂ සම්මේලනය ආරම්භ වන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියයි.

25,000 ක පමණ පිරිසක් ඊට සහභාගිවනු ඇති බව ඒ මහතා කියා සිටී.

එමෙන්ම සජබය සමග මිත්‍ර පක්ෂ රැසක නායකයිද මේ සඳහා සහභාගිවීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

රත්මලාන සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන අතරදී පීල්ලක් කැඩී යාම මෙම ප්‍රමාදයට හේතු වී ඇති බවයි වාර්තා වේ.

මෙම තත්වය මත එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති අතර මේ වන විට එය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading

පුවත්

වැස්සෙන් වගා හානී වූ ගොවීන් ට දැනුම් දීමක්

Published

on

By

පසුගිය දිනවල පැවති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව හෙට(10) දිනයට පෙර දැනුම් දෙන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට දැනුම් දෙයි.

මහ වැසි හේතුවෙන් විනාශ වූ බවට සැලකෙන ගොවි බිම් ප්‍රමාණය අක්කර 390,000කට වඩා වැඩිය.

මේ තත්ත්වය නිසා මහකන්නයේ අස්වැන්න 10%ක පමණ ප්‍රමාණයක් අඩුවිය හැකි බවට විද්වතුන් මත පල කරයි.

අම්පාර, මොණරාගල , මඩකලපුව, ත්‍රිකුණාමලය, අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වගා බිම් එලෙස විනාශ වූ අතර ඉන් වැඩිම බලපෑම සිදු වුණේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ වී වගාවටය.

මේ වන විටත් නිලධාරීන් ගොවිබිම් වෙත ගොස් හානි ඇස්තමේන්තුගත කිරීම ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා සඳහන් කලේය.

පූර්ණ හානි වූ වගාබිම් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් ගෙවන බව රජය මීට පෙර පැවසීය.

සමස්ථ වගා හානි සඳහා වන්දි ලබා දීමට රජය මේ වනවිට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1,000කි.

Continue Reading

පුවත්

කාලගුණයේ වෙනසක්

Published

on

By

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් 11 වනදා පමණ ශ්‍රී ලංකා-තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10 දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන අතර දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වයද ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි බලාපොරොත්තු වන බව සඳහන්ය.

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවේ.

මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බව සඳහන්ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට දැනුම් දී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved