Connect with us

පුවත්

සජිත් පරාජය කරන කුමන්ත්‍රණය‍

Published

on

රට ආර්ථික අර්බුදයට ඇද දැමූ කණ්ඩායම්වලට තමන් කිසිදු අවස්ථාවක සහාය පළ කර නොමැති බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කිරුළපන ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ඔහු සඳහන් කළේ, තම ජයග්‍රහණය වළක්වාලීමට විරුද්ධ පාර්ශව කුමන්ත්‍රණ සිදුකළ ද ඉන් ඵලක් නොවන බවය.

“අද ඒ දේශපාලන ජෝඩුවගේ එකම අරමුණ සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වළක්වාලන්නට ගහන්න පුළුවන් හැම ගැටයක්ම ගහනවා. කරන්න පුළුවන් හැම කුමන්ත්‍රණයක්ම කරනවා. හැබැයි ඒ දෙපොළම මතක තියාගන්න රාජපක්ෂලා හිටපු කැබිනෙට්ටුවල සාමාජිකයෝ. දෙන්නම හිටියා රාජපක්ෂ මහත්තරු එක්ක එකට වාඩි වෙලා කැබිනෙට් එකේ. මතක තියා ගන්න කිසිම දවසක රට බංකොළොත් කරපු කණ්ඩායම වෙනුවෙන් කඩේ නොගිය පුද්ගලයෙක් මේ සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගය. අපි කවදාවත් රට බංකොළොත් කරපු කණ්ඩායම වෙනුවෙන්. ඒ නිසා මතක තියා ගන්න 21 වෙනිදාට තමුන්නාන්සේලාගේ වටිනා කතිරය උපයෝගි කරගෙන රටේ ජනතාවට ප්‍රගතිශීලි හැරවුම් ලක්ෂයකට ඔබ සියලුදෙනා මුලපුරන්න.”

පුවත්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

Published

on

By

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමුකර ඇතැයි වාර්තා වේ.

Continue Reading

පුවත්

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක සහතිකය 

Published

on

By

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව සම්මත විය.

මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද ප.ව. 5.40 සිට ප.ව. 7.10 දක්වා පැවැත්විණි. ඉන් අනතුරුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් පසුව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා 2025.03.01 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මේ අතර, දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (20) සිය සහතිකය සටහන් කළේය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

Continue Reading

ඡායාරූප සටහන

ලංකාවට ජපානයෙන් ගිනි නිවන රථ

Published

on

By

රටේ අපනයන සැකසුම් කලාප (EPZ) තුළ ආපදා ප්‍රතිචාර හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා, ආරක්ෂිත ව්‍යාපාරික පරිසරයක් සහතික කිරීම සහ ආර්ථික හා සමාජීය ස්ථාවරත්වයට දායක වීම සඳහා, ජපන් රජය, ජපන් යෙන් මිලියන 300 ක ආධාර ප්‍රදානයක් හරහා, ශ්‍රී ලංකා රජයට අති නවීන ජපන් ගිනි නිවන රථ ලබා දීමට තීරණය කර ඇත.

ජපන් තානාපති ගරු අකිඔ ඉසෝමතා මහතා සහ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන මහතා අද (20) දිනයේදී කොළඹදී මෙම ආධාර ප්‍රදානයට අදාල සටහන් පත්‍ර වලට අත්සන් තබන ලදී.

ආයෝජන ආකර්ෂණය කර ගනිමින් සහ කාර්මික වර්ධනය මෙහෙයවමින් අපනයන සැකසුම් කලාප ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ගිනි උවදුරු සහ අනෙකුත් හදිසි අවස්ථා වල වැඩිවන අවදානම් තත්වයන්, එහි තීරණාත්මක කාර්යයන්ට බාධා කිරීමේ අවදානමක් ඇත. අති නවීන තාක්‍ෂණයෙන් සමන්විත ජපන් ගිනි නිවන රථ, ව්‍යාපාර, සේවකයින් සහ ප්‍රජාවන් ආරක්ෂා කරමින් අපනයන සැකසුම් කලාප වල ධාරිතාවය ශක්තිමත් කරනු ඇත.

ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අභියෝගවලට මුහුණ දීමට සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජපානයේ නොසැලෙන කැපවීම ද මෙම ව්‍යාපෘතිය මගින් අවධාරණය කෙරේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved