Connect with us

පුවත්

සජීව ධම්මික හා ආනන්ද පාලිතට ඇප ලැබෙයි

Published

on

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික යන දෙදෙනාව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

ඒ අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික යන දෙදෙනාව පසුගිය 23 වැනිදා කොල්ලුපිටිය පොලිසිය හා කොළඹ අපරාධ කොට්ඨාස විසින් අත්අඩංගුවට ගත්තේය.

ඒ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකිරීමට ගත් සාමූහික තීරණය සම්බ්න්ධව මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් තිදෙනෙකු පසුව වෙනත් ස්ථාවරයක් දැරීම සම්බන්ධයෙන් පසුගිය 20 වැනිදා එහි සාමාජිකයන් දෙදෙනෙකුට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළවය.

අනතුරුව සැකකරුවන් දෙදෙනාව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් දෙදෙනාව එහිදී අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

මේ අතර, විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර තිබිණි.

එහිදී වැඩබලන කොටුව මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදී උපයෝගීතා කොමිසමමේ සාමාජික ආචාර්ය මොහාන් සමරනායක මහතා විසින් ඔහුව හඳුනාගෙන තිබිණි.

ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ අන්තර්ජාලය හරහාය.

පුවත්

හෙට දිනයේ “අවධානය යොමු කළ යුතු” උණුසුමක්

Published

on

By

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ විමසිලිමත් වන ලෙද දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ දිවයිනේ පළාත් 5කට සහ ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේ උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බවට අපේක්ෂා කරන බවයි.

උතුරු ,උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත් සහ රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල එලෙස උණුසුම ඉහළ යා හැකි බවට දැනුම් දී ඇත.

ඒ අනුව, අදාළ ප්‍රදේශවල ජනතාවට ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසටත්, වැඩි වෙලාවක් සෙවණ ඇති ස්ථාන වල හැකි පමණ විවේකීව සිටින ලෙසටත් දැනුම් දී තිබේ.

එමෙන්ම වැඩිහිටි, රෝගී පුද්ගලයින් මෙන්ම කුඩා ළමුන් පිලිබඳ සැලකිලිමත් වන ලෙසත් අධික වෙහෙසකාරී කටුයුතු සීමා කරන ලෙසත් හෙට දිනයේදී හැකි පිරිදි සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසටත් වැඩිදුරටත් දැනුම් දී ඇත.

Continue Reading

පුවත්

හිටපු ඇමතිවරයෙකුට  එරෙහිව අධි චෝදනා බාර දෙයි

Published

on

By

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබේ.

ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක මුදලක් හලාවත ප්‍රදේශයේ බැංකුවක ගිණුමකට බැරකෙන ලෙස එම අධිකාරියේ නිලධාරීන් පෙළඹවීම තුළින් ” දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි ඔහුට එරෙහිව චෝදනා ගොනු වී තිබුණි.

අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධි චෝදනා පත්‍ර අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න මහතා ඉදිරියේ භාර දෙනු ලැබීය.

ඉන් අනතුරුව විත්තිකාර හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරිණ ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

Continue Reading

පුවත්

වියළි කාලගුණයෙන් ජල සැපයුමට බාධා

Published

on

By

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ දිනවල දිවයිනේ පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින අතර උෂ්ණාධික බව නිසා ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින බව එම නිවේදනයේ දැක්වේ.

පානීය ජල සැපයුම සීමාසහිත වන බැවින් එය සැමගේ අත්‍යවශ්‍ය පානීය හා සනීපාරක්ෂක කටයුතුවලට සම සේ බෙදාහැරිය යුතු බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී ඇත.

එබැවින් වාහන සේදීම, ගෙවතු වගාව වැනි කටයුතු සඳහා ජලය භාවිතා කිරීම අවම කොට අවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් භාවිතා කරන මෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම, මෙවැනි තත්ත්වයන් යටතේ පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීමේදී උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරිමේදි අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

කෙසේ වුවත් මෙම වියළි කාලගුණික තත්ත්වය නිසා ජනතාවට මුහුණදීමට සිදු වී තිබෙන අපහසුතාවයන් අවම කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය උපරිමව කටයුතු කරන අතර මෙම අවස්ථාවේ සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටී.

විමසීම් – 1939 ඇමතුම් මධ්‍යස්ථානය

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved