Connect with us

පුවත්

සද්ධාරතන හිමි ලබන 5වන දා දක්වා රිමාන්ඩ්

Published

on

ආගමික සහජීවනයට හානි සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට චෝදනා ලබා සිටින පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ලබන 05දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (21) අධිකරණය නියෝග කර තිබේ.

පසුගියදා  අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුනු එම හිමියන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබුණි.

පුවත්

සියඹලාණ්ඩුව සූර්ය බල ව්‍යාපෘතියේ ටෙන්ඩරයෙන් ජනතාවට කෝටි 8700 ක පාඩුවක්!

Published

on

By

සියඹලාණ්ඩුව මෙගාවොට් 100 ක සූර්ය බල ව්‍යාපෘතියේ ටෙන්ඩර් ප්‍රදානය කිරීමේදී අනීතිකව අධික මිලකට මිල ගණන් සැපයූ අයකුට ටෙන්ඩර් සැපයීම නිසා රුපියල් කෝටි 8700 ක පාඩුවක් මහජනතාවට සිදුවී ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් ඊයේ (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් සාධාරණ මෙන්ම විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවසුවේය.

මෙවැනි විශාල මුදලක පාඩුවක් සිදුවන්නේ රජයට සහ මහජනතාවට බවත් මෙම සියඹලාණ්ඩුව ව්‍යාපෘතිය පිටුපස තිබෙන බොහොමයක් තොරතුරු නීතිමය තත්වයන් යටතේ මාධ්‍යයට හෙළි කිරීමට නොහැකි වුවත් ඉදිරියේදී එම තොරතුරු නීතිමය තත්ත්වයන් යටතේ හෙළි කරන බවත් ලේකම්වරයා පැවසුවේය.

මෙම සූර්ය බල ව්‍යාපෘතියට අඩු ගණන් යටතේ ටෙන්ඩර් කැඳවූ සමාගම්වලට අවස්ථාව ලබා නොදී වැඩි ගණනකට ටෙන්ඩර් කැඳවූ සමාගම්වලට අවස්ථාව ලබාදී තිබෙන බවත් දිගින් දිගටම මෙම ව්‍යාපෘතියට විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහ ජනතාව පෙළගස්වන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවන පාඩුවට විරෝධය පළ කරමින් ඊයේ (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ මූලිකත්වයෙන් නිහඬ උද්ඝෝෂණයක් ද පැවැත්විය.

Continue Reading

පුවත්

ග්‍රාමීය සංවර්ධනයට රජයෙන් බිලියන 20 ක්

Published

on

By

ග්‍රාමීය ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් නංවාලීමේ ව්‍යාපෘති රැසක් ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ, එම වැඩ කටයුතු සඳහා රජය විසින් රුපියල් බිලියන 20.6ක මුදලක් වැය කිරීමට පියවර ගන්නා බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කළ බවය.

මේ හේතුවෙන්, හැකි තරම් නව කෘෂිකාර්මික ව්‍යාපෘති සකසන්නැයි අමාත්‍යවරයා විසින්  නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එම කෘෂිකාර්මික ව්‍යාපෘති ගම්මානවල ගොවි ජනතාවගේ ආදායම් තත්ත්වයන් ඉහළ නැංවීම, ඔවුන්ගේ යටිතලපහසුකම් සංවර්ධනය සහ නව කෘෂි තාක්ෂණය ඉලක්ක කර ගනිමින් සකසන ලෙසද මෙහිදී මහින්ද අමරවීර අමාත්‍යවරයා උපදෙස් දී ඇති බව සඳහන්ය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

Continue Reading

පුවත්

“ආර්ථික පරිවර්තන පනත ඉතා භයානකයි”

Published

on

By

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත ඉතා භයානක ප්‍රතිඵල ගෙන දෙන පනතක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ වන විට පවතින්නේ ජනවරමක් රහිත පාර්ලිමේන්තුවක් බැවින් එමගින් මෙවැනි පනතක් සම්මත කර ගැනීම ඉතා භයානක බවද මහාචාර්යවරයා කීය. 

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ රජය ලාභ ලබන ආයතන ලහි ලහියේ විකුණා දැමීමට අවශ්‍යය පිඹුරුපත් කඩිනමින් සකස් කරන බව දැනගන්නට ලැබී ඇති බවය

ජනතා ගැටලු විසඳීම සඳහා අභිනව පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය  වර්තමාන සමාජය තුළින් පිළිබිඹු වන බව කී ඒ මහතා තරුණ පරපුර ඇමතීම සියලු පක්ෂ නායකයින්ගේ යුතුකම බවත් අනාගතයේ ජීවනාලිය  ඔවුන් බවඅමතක නොකළ යුතු යයිද සඳහන් කළේය

වත්මන් ආණ්ඩුව  මැතිවරණවලට දක්වන බිය සුළු බව හේතුවෙන් මුදල් නොමැති යැයි පවසා මැතිවරණ කල් දැමීමට අර  අඳිමින් සිටින බව පැවසූ මහාචාර්යවරයා ඒ සඳහා නොයෙකුත් උපක්‍රම යොදමින් සිටින බවද පැවසීය

පළමුව පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයද ජනාධිපතිවරණයද යන්න ගැන ජනතාව කිසියම් කුතුහලයකින් පෙළෙන බව පැවසූ මන්ත්‍රීවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව සඳහන් කළේය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved