Connect with us

පුවත්

සනත් නිශාන්තට එරෙහි පෙත්සම් 03ක් යළි කැඳවයි

Published

on

අධිකරණයට අපහාස කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් 03ක් සැප්තැම්බර් මස 27 වන දා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම් අද (13) අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, අධිකරණයට දන්වා සිටියේ, මෙම පැමිණිල්ලට අදාළව කටහඬ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍යව තිබෙන බවත් එය රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපිට කිරීමට අවශ්‍යව තිබෙන බවත්ය.

එම අවස්ථාවේදී එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ, එවැනි පරීක්ෂණයකින් තොරව මෙම පෙත්සම පවත්වාගෙන යාමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවය.

ඒ අනුව පෙත්සම යළි සැප්තැම්බර් මස 27 යළි කැඳවන ලෙසද නියෝග කෙරිණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ඉකුත් වසරේ අගෝස්තු මස 23 වන දා හෝ ඊට ආසන්න දිනයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සනත් නිශාන්ත මහතා අරගලකරුවන්ට ඇප ලබාදීමේදී මහෙස්ත්‍රාත්වරුන් කටයුතු කළ ආකාරය විවේචනය කොට තිබූ බවය.

(අදදෙරණ)

පුවත්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් “ටියුනප් දන්සැලක්”

Published

on

By

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ‘ටියුනප් දන්සැලක්’ සංවිධානය කර තිබේ.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අද සහ හෙට (මැයි මස 15 හා 16)  යන දෙදින තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී මෙම විශේෂ දන්සැල පැවැත්වෙන බවය.

පවතින වායු විමෝචන ප්‍රමිතීන් අනුව ඇතැම් වාහන (පැරණි යතුරුපැදි, ත්‍රීරෝද රථ) සමත් වීම සිදු නොවන බව ජනතාව තුළ මතයක් පවතින බවද එම නිවේදනයේ දැක්වේ.

එම දුර්මතය ඉවත් කිරීම සඳහා නිවැරදි ශිල්පීය ක්‍රමය තුළින් වාහන නිවැරදි කරගත හැක යන සංකල්පය ප්‍රචලිත කිරීමට වායු විමෝචන භාරකාර අරමුදලේ ව්‍යාපෘති කාර්යාලය විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන ටියුනප් දන්සැල නොමිලේ යතුරුපැදි හා ත්‍රීරෝද රථ සුසර කර දීමේ වැඩසටහන පැවැත්වෙනු ඇත.

Continue Reading

පුවත්

පොදු ප්‍රවාහන බස්රථ ආනයනයේ දී කොන්දේසි මාලාවක්

Published

on

By

එළඹෙන වසරේ ජනවාරි මාසයේ සිට පොදු ප්‍රවාහන බස් රථ ආනයනය කිරීම සඳහා කොන්දේසි මාලාවක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ආරක්ෂිත මෙන්ම නවීන තත්ත්වයට ගැලපෙන බස්රථ පමණක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට කටයුතු කරන බවය.

එමෙන්ම පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන නියමිත ප්‍රමිතීන් යටතේ ධාවනයේ පවතින්නේ ද යන්න පිළිබඳව ඉදිරියේ දී සොයාබැලීම සම්බන්ධයෙන් කටයුතු කරන බව ද ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේය.

Continue Reading

පුවත්

රට හැමතැනම අදත් වැසි

Published

on

By

අද (15) දවසේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය  හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved