Connect with us

පුවත්

සනත් නිශාන්තට සති 2ක් පාර්ලිමේන්තුව බෑ

Published

on

ඊයේ (21) පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට කථානායකවරයා නියෝග කර තිබේ.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146 හි විධිවිධාන ප්‍රකාරව තමා වෙත පැවරී ඇති බලතල අනුව එම තීරණය ගත් බවත් එය අද (22) සිට ක්‍රියාත්මක බවත් කථානායකවරයා පැවසීය.

කථානායකවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ඊයේ සභාවේ සිදුවු එම විනය විරෝධී ක්‍රියාව තමා බරපතළ ලෙස හෙළා දකින බවයි.

පුවත්

දන්සල් 8 ක් අත්හිටුවයි

Published

on

By

නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ තවත් දන්සල් 17ක් නිසි උපදෙස්වලින් අනතුරුව පවත්වාගෙන යාමට අවසර ලබාදුන් බවය.

වෙසක් පොහොය නිමිත්තෙන් ඊයේ දිනයේ දිවයින පුරා දන්සල් රැසක් සංවිධානය කර තිබු අතර සියලු දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක්වුණි.

අද දිනයේත් පවත්වනු ලබන දන්සල් පරීක්ෂා කිරීමේ කටයුතුවල නිරත වන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

මහමඟ සියල්ලෝ භීතියට පත්කර වෙසක් බලන්න ගිය යතුරුපැදිකරුවන් 16ක් අත්අඩංගුවට

Published

on

By

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන අධිබලැති යතුරුපැදි හතරක් ඇතුළුව යතුරුපැදි 16ක් බණ්ඩාරගම පොලිස් භාරයට ගෙන තිබේ.

අදාළ යතුරුපැදි 16 සමග තරුණයින් 16 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

වෙසක් සිරි නැරඹීමට යමින් සිටි ජනතාවට පීඩාවක් යන අයුරින් මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහනවලටද මහජන පීඩාවක් ඇතිවන අයුරින් අධික ශබ්ද නගමින් මෙම යතුරුපැදි අදාළ යතුරුපැදිකරුවන් විසින් ධාවනය කර තිබේ.

පොලිස් භාරයට ගත් අධිබලැති යතුරුපැදි හතරෙහි ලියාපදිංචි අංක තහඩු පරීක්ෂා කිරීමේදි ඒවා සැකකටයුතු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනෙකුත් සියලුම යතුරුපැදි නියමිත සයිලන්සර් කොටස් ඉවත් කර මාර්ගයේ ධාවනය වීමේදි ගමන් ගන්නා පදිකයින් බිය උපද්දවන සුළු හඬ පැතිරෙන අයුරින් වෙනත් කොටන් බද්ධ කර තිබූ බවටද පොලීසිය සිදුකල පරීක්ෂාවේදී දැකගත හැකි වූ බව පොලීසිය පැවසීය.

පොලීසිය සඳහන් කලේ අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් බොරලැස්ගමුව, කැස්බෑව, බණ්ඩාරගම, දොඩංගොඩ, කළුතර, හෝමාගම සහ ඉංගිරිය ආදී විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

එම තරුණයින් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇති අතර ඉදිරි දිනකදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading

පුවත්

ලංකාවේ වරාය හා ගුවන්තොටුපොළට එල්ල විය හැකි බලපෑම පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඉන්දීයාව හා පකිස්ථානය අතර මේ වනවිට ඇතිවී ඇති උණුසුම්කාරී තත්ත්වය සහ ඉදිරියේ දී ඇතිවිය හැකි ලෝක දේශපාලනික තත්ත්වයන් හේතුකොට ගෙන ලංකාවේ වරාය සහ ගුවන්තොටුපොළට එල්ල විය හැකි බලපෑම පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

ඒ ප්‍රවාහන ,මහමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඉන්දු – පකිස්ථාන අර්බුදය නිසා වරායට අමතර නැව් පැමිණීමට ඉල්ලීම් පවතින අතර ඒවා කාර්යක්ෂමව මෙහෙයුම් කටයුතු සිදු කිරීමටත් දැනට සිදුවන මෙහෙයුම් කටයුතුවලට බාධාවක් නොවී එම කටයුතු සිදුකිරීමට ඇති හැකියාව සහ යෝජනා සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කෙරුණි.

වරාය මෙන්ම ගුවන්තොටුපොළ ද ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට සූදානමින් පවත්වා ගතයුතු බවට අවධාරණය කළ අමාත්‍යවරයා ලෝක දේශපාලන තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දෙමින් එය අවස්ථාවක් කර ගනිමින් කාර්යක්ෂම ව වරාය සහ ගුවන්තොටුපොළ මෙහෙයුම් කටයුතු සිදුකර ගතයුතු බවත් එහිදී පැවසීය.

වරාය අධිකාරියේ නිලධාරීන්,ගුවන්තොටුපල නිලධාරීන්, කොළඹ , හම්බන්තොට වරායන්වල පර්යන්ත භාර නිළධාරීන්, නැව් සමාගම් නියෝජිතයින් සහ රේගු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved