Connect with us

පුවත්

සනත් නිශාන්ත මැරුණද?; මැරුවාද ? නැත්නම් අනුකම්පාවට කුමන්ත්‍රණයක්ද ?

Published

on

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් මේ වනවිට සැකයක් මතුවන කරුණු කාරණා ඉදිරිපත් වෙමින් තිබේ.

එම සැකයයට ඌණ පූරණයක් වී ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරා අනතුරට පෙර දිනයේ සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පල කර තිබූ සටහනකි

උපුටා ගැනීමයි.

“හෙට වෙනකොට මගේ නමට යටින් ලස්සන ෆොටෝ එකක් වැටිලා නමට උඩින් අමාමහ නිවන් සුව කියලා තිබ්බොත්.

උඹලාට හිතෙන දේ කියන් යමන්. මැරෙන්න කලින් මම ඒ ටික කියවන්න හරි ආසයි.”

උපුටා ගැනීම අවසන්. 

අනතුරට පෙරදා ඔහු විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමක පල කර තිබූ මෙම සටහන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැඩි සැකයට මේවන විට හේතු වී තිබේ.

එසේම මේ සම්බන්ධයෙන් දේශපාලන විචාරක මතය වී ඇත්තේ අදාල සැකය මතු කිරීම මේවන විට සනත් නිශාන්ත මහතාට සමාජ මාධ්‍ය තුළ පලකෙරෙන අපහාසාත්මක සටහන්වලට යම් පාලනයක් ඇති කිරීමට හේතුවන බැවින් සනත් මරා දැමූ බවට වන සැකය උවමනාවෙන් සමාජගත කිරීමට උත්සාහ කරණ බවයි.

කෙසේවුවද, සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ ආරක්‍ෂක නිලාරීයාට මරු කැඳවු අනතුර වන අවස්ථාවේදී වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය පැදවු සනත් නිශාන්ත මහතාගේ  රියදුරා වශයෙන් කටයුතු කළ ආරච්චිකට්ටුව කැලේගම පදිංචි සුරියහෙට්ටි අධිකාරී මුදියන්සේලාගේ ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැත්තා රිමාන්ඩ් භාරයට පත් කිරීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා කටයුතු කර තිබේ.

එසේම සනත් නිශාන්ත මහතා ගමන් ගත් වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය ඝට්ටනය වු කන්ටේනර් රථයේ රියදුරා වශයෙන් කටයුතු කළ ජයන්ත නිරෝෂන් දසනායක ද ඇප මත මුදා හැරීමට ද නියෝග කර ඇත.

කන්ටේනර් රථයේ රියදුරා රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි කඳාන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී සෙනරත් හේවාවිතාන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියද එය  ප්‍රතික්‍ෂෙප කරමින් රුපියල් ලක්‍ෂ 05ක් වටිනා ඇපකරුවකුගේ බැඳුම්කරයක් මත ඔහු මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා ඔහුගේ රියදුරු බලපත්‍රයද තාවකාලිකව මුදා හැරීමටට නියම කළේය.

අනතුරින් සුලු තුවාල ලැබු සනත් නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් කටයුතු කළ ඔහු ගමන්ගත් වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය පැදවු ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැත්තා රාගම රෝහලේ 39 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

සබැඳි පුවත්

ජනපති, සනත් නිශාන්තගේ නිවසට යයි 

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරකින් මරු දකියි!

පුවත්

ටෙහෙරාන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉවත් කර ගනියි

Published

on

By

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙනත් ස්ථානයක් කරා ගෙන යාමට කටයුතු කර ඇතැයි විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද (17) පාර්ලිමේන්තුවේදී  අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, තානාපති කාර්ය මණ්ඩලය සමග එහි රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් 08 දෙනෙකු ද ආරක්ෂිත ස්ථානයක් වෙත යොමු කර ඇති බවයි.

ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු රැඳී සිටින බවත්, ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් 20,000ක් පමණ සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Continue Reading

පුවත්

තෙල් හිඟයක අවදානමක් නෑ – නලින්ද

Published

on

By

ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මාස දෙකහමාරකට අවශ්‍ය ඉන්ධන තොග තිබෙන බවත්, ඉදිරි දින කිහිපයේ තවත් ඉන්ධන තොග මෙරටට පැමිණීමට නියමිත බවත්ය.

ඉදිරියට අවශ්‍ය පරිදි ඉද්ධන තොග ඇණවුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ සමාජ මාධ්‍යවල පළ කිරීම් විශ්වාස නොකරන ලෙසයි.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකයක්

Published

on

By

සුපිළිපන්න රාජ්‍ය සේවයක් කරා පිය නැඟීමේ අපේක්ෂාව ඇතිව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2025 පෙබරවාරි 18 දින නිකුත් කරන ලද PS/SB/Circular/2/2025 චක්‍රලේඛයට අනුගත වෙමින් “පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකයක්” ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් කටයුතු යොදා ඇත.  

එසේ පිහිටවන ලද අභ්‍යන්තර කටයුතු ඒකකයෙන් අපේක්ෂිත ප්‍රධාන අරමුණු ලෙස ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතිය වර්ධනය කිරීම, ආයතනයේ සියලූම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම, ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම, විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදය සකස් කිරීම, සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම යන කරුණු දැක්විය හැකිය. 

පාර්ලිමේන්තුවේ පිහිටුවන ලද අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානියා ලෙස කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා පත්කොට ඇති අතර සුපිළිපන්න නිලධාරියා ලෙස ප්‍රධාන අභ්‍යන්තර විගණක ඩබ්ලිව්.කේ.ඩී.සී. විතාන මහතා පත්කොට තිබේ. පාර්ලිමේන්තුවේ සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් අභ්‍යන්තර කටයුතු ඒකකයේ සෙසු සමාජිකයන් ලෙස කටයුතු කරන අතර, සෑම දෙපාර්තමේන්තුවක්ම නියෝජනය වන ආකාරයෙන් සහාය කාර්ය මණ්ඩලයක් ද පත්කොට ඇත. 

ඒ අනුව එම ඒකකයේ පළමු රැස්වීම 2025 ජූනි 06 දින එම ඒකකයේ ප්‍රධානී, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, ඒකකයේ ඉදිරි කටයුතු චක්‍රලේඛයේ විධිවිධාන වලට අනුව සිදු කළ යුතු ආකාරය එහිදී සාකච්ඡා කෙරිණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved