ප්‍රතිවාදී කණ්ඩායමට පීඩනය එල්ල කරමින් අනෙක් පිතිකරුවා සමඟ මනා සබඳතාවයක් ගොඩ නඟා ගනිමින් ක්‍රීඩා කිරීම තම සැලසුම වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පවසයි.
ඊයේ තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කලේය.
දුනිත් වෙල්ලාලගේ මෙහිදී පවසා සිටියේ පැතුම් නිස්සංක ඊයේ (02) පිතිකරණයේ යෙදෙන අයුරු අනුව තමාගේ සැලසුම සාදාගත් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ,
“මැච් එක පටන් ගන්න කලින් සනත් සර් අපිට කියලා තිබ්බේ විකට් එක ටිකක් කැපෙයි කියලා. ඒ නිසා මම විශේෂයෙන්ම ප්ලෑන් එකක් දාගෙන හිටියේ… කොහොමද සෙල්ලං කරන්න ඕනේ කියලා. තවත් දෙයක් තමයි… මම ගොඩක් බලන් හිටියා පැතුම් නිස්සංක බැට් කරනවා. එයා බැට් කරන විදියෙනුත් මම දේවල් ඔළුවට දාගත්තා. ඒවා අනුව තමයි ප්ලෑන් එකකට ආවේ.”
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගය ශ්‍රී ලංකාවට වැඩි ගෞරව හිමිකරදෙමින් ජය පරාජයෙන් තොරව ඊයේ (02) අවසන් විය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති එක්දින තරගාවලි ඉතිහාසයේ ලකුණු සමවීම හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් වූ දෙවැනි එක්දින තරගය මෙයයි.
ඊයේ තරගයේදී පැතුම් නිස්සංක ලකුණු 56ක් රැස්කළ අතර සිය එක්දින දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කළ දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 67ක් රැස් කලේය.