Connect with us

පුවත්

සපුගස්කන්ද අද සිට යළි වැඩ

Published

on

සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අද (16) සිට යළි ආරම්භ කෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ආනයනික බොරතෙල් නොමැතිවීම මත පිරිපහදුවේ කටයුතු නවතා දැමීමට පසුගියදා පියවර ගෙන තිබුණි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ආනයනික බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති අතර ඊට අවශ්‍ය ගෙවීම් මේ වන විට සිදුකර අවසන් බවය.

එමෙන්ම පිරිපහදුවේ ටැංකි සංකීර්ණය වෙත අදාළ බොරතෙල් ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබේ.

මේ අතර ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා සදහන් කළේ පිරිපහදුවේ කටයුතු පූර්ණ ධාරීතාවයකින් සිදුකිරීමට පියවර ගන්නා බවය.

පුවත්

අමුණුගම දිලිත්ව හැර යයි

Published

on

By

දිලිත් ජයවීර මහතාගේ මව්බිම ජනතා පක්ෂයෙන් ආචාර්ය සරත් අමුණුගම මහතා ඉල්ලා අස්වී තිබේ.

අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (27) භාර දුන් බව සඳහන්ය.

ආචාර්ය සරත් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරය හෙබවූයේය.

‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්ව ජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ඊයේ (27) පිහිටුවනු ලැබූ අතර ඒ සඳහා මව්බිම ජනතා පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක්ම එක්විය.

සබැඳි පුවත්:

Continue Reading

පුවත්

පොසොන් උත්සවයට විශේෂ ප්‍රවාහන පහසුකම්

Published

on

By

පොසොන්  සමයේ අනුරාධපුරයට හා මිහින්තලයට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ලංගම බස්රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ පොසොන් පොහොයට පෙර නිම කිරීමට නොහැකි බැවින් මෙම පියවර ගන්නා බවයි.

හෝමාගම,   පිටිපන පාසල් හන්දියේ සිට සිංහ අරන දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මීටර් 800ක දුරක් මාර්ගය සංවර්ධනය කෙරෙන අතර ඒ සදහා වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 13කි.

Continue Reading

පුවත්

උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු නිමවීමට තව කල් යයි

Published

on

By

උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු එළඹෙන පොසොන් පොහොයට පෙර නිම කිරීමට හැකියාවක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (28) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ, උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු අගෝස්තු මාසය වනවිට නිමකළ හැකි බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved