Connect with us

පුවත්

සභාවෙන් ගිය පසු ජනපතිගේ අදහස වෙනස් වෙලා?

Published

on

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (29) පාර්ලිමේන්තුවේ දැක්වූ ප්‍රතිචාරයක් මාධ්‍ය කිහිපයකින් අර්ථය විකෘති වන ආකාරයට වාර්තා කර ඇති නමුත් පාර්ලිමේන්තු අය වැය විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පළාත් සභා තුළ දිස්ත්‍රික් සංවර්ධන කමිටු (DDC) පිහිටුවීමට සූදානම් වන බවත් යැයි ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

පළාත් සභා විසුරුවා හැරීමක් පිළිබඳ ජනාධිපතිවරයා කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් ඔහුගේ ස්ථාවරය වන්නේ ගනු ලබන විධායක තීරණ ක්‍රියාත්මක කිරීමේ දී රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන අතර නිවැරැදි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට වේදිකාවක් ලෙස දිස්ත්‍රික් සංවර්ධන කමිටු ක්‍රියාත්මක වනු ඇති අතර, ඒ හරහා සංවර්ධන ක්‍රියාවලිය විධිමත්ව සිදුකිරීමට අවස්ථාව හිමිවන බැවින් මූල්‍ය හානි හා ප්‍රමාදයන්ද වළක්වා ගැනීමට අවස්ථාව හිමි වනු ඇති බවත් යැයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් දේශපාලන විචාරකයින් කියා සිටින්නේ සභාවෙන් ගිය පසු ජනපතිවරයාගේ අදහස වෙනස්වූයේදැයි යන සැකය මෙයින් මතුව ඇති බවයි.

සබැඳි පුවත්
දිස්ත්‍රික් සංවර්ධන සභා ගේන්න මෛත්‍රී ගේ යෝජනාවට රනිල් ගේ එකඟත්වය

පුවත්

පුංචි ඡන්දේ විශේෂ විධිවිධාන පනත අද  පාර්ලිමේන්තුවට

Published

on

By

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ වගන්ති දෙකක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම් දීම අනුව උක්ත තීරණය ගෙන ඇත.

පනත් කෙටුම්පතේ 2 වැනි සහ 3 වැනි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව සමග අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කළයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ දැනුම් දී තිබුණි.

එහි 2 වැනි වගන්තියෙන් 2023 වසරේ මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා කැඳවූ නාමයෝජනා අවලංගු කිරීමට බලය හිමිවන අතර පළාත් පාලන ඡන්දය සදහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් තැන්පත් කර ඇති ඇප මුදල් යළි අදාළ පුද්ගලයින් වෙත ලබා දීම ද එම ප්‍රතිපතිපාදනයට අතුලත්ය.

අදාළ ඡන්දය පැවැත්වීම සදහා ආඥා පනතේ විධිවිධාන අනුව පියවර ගැනීම ආරම්භ කළ යුතු බව තුන්වෙනි වගන්තියේ දක්වා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයට අනුව එම ප්‍රතිපාදන සැලසීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍ය වෙයි.

ඒ අනුව ඊට අදාළ විශේෂ විධි විධාන පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජන්දය විමසීමට නියමිතය.

Continue Reading

පුවත්

ITAK  පක්ෂයේ වැඩබලන්න සුමන්තිරන් පත්කරයි

Published

on

By

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පත්කර තිබේ.

ඊයේ (16) පැවති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ තීරණය අනුව එම පත් කිරීම සිදුකර ඇත.

මීට පෙර එම තනතුරේ කටයුතු කරනු ලැබුවේ උතුරු පළාත් හිටපු අමාත්‍යවරයෙකු වූ පී ඒ සත්‍යය ලිංගම් මහතාය.

ඔහු මේ වන විට අසනීප තත්ත්වයේ පසුවන බැවින් මධ්‍යම කාරක සභාව විසින් ඊයේ (16) දිනයේදී එම්. ඒ සුමන්දිරන් මහතා වැඩ බලන නව මහ ලේකම්වරයා වශයෙන් පත්කිරීම සිදුකළ බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය සඳහන් කරයි.

Continue Reading

පුවත්

පිරිසක් අසනීප නිවාඩු දමයි

Published

on

By

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු නිලධාරීන් අද (17) සහ හෙට (18) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.

උසස් වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු හේතුවෙන් ඊට විසඳුම් ඉල්ලා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිරෝෂන් සිල්වා මහතා පැවසුවේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved