Connect with us

පුවත්

සය මසකට විදුලිය මිලදී ගැනීමට අනුමැතිය

Published

on

මාස 6ක කාලයක් සඳහා මෙගාවොට් 100ක විදුලියක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අද (17) අනුමැතිය ලබාදී තිබේ.

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 43 වන වගන්තිය යටතේ මෙම අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව ප්‍රධාන කොන්දේසි 3ක් යටතේ 2023 අගෝස්තු මස 18 වනදා සිට මාස 6ක කාලයක් සඳහා පමණක් විදුලිය මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබාදී තිබේ.

එම කොන්දේසි 3 නම් :

1. කුසලතා පදනම මත අදාළ විදුලි මිලදී ගැනීම සිදුකළ යුතු අතර විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් කාලය අවසානයේදී එම මිලදී ගැනීම පිළිබඳ ස්වාධීන විගණනයක් සිදුකළ යුතුය.

2. කොත්මලේ පොල්පිටිය 220 kv රැහැන 2024 අගෝස්තු 31ට පෙර සක්‍රීය කළ යුතුය.

3. අවම පිරිවැය මත පදනම්ව මෙම විදුලිය මිලදී ගැනීම සිදුකළ යුතුය.

පුවත්

ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති දමිළ ප්‍රගතිශීලී සන්ධානයට

Published

on

By

ලංකා කම්කරු කොංග්‍රසයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ උප සභාපති වශයෙන් කටයුතු කල භාරත් අරුල්සාමි මහතා දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සභාපති වශයෙන් කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ සමග එක් වී තිබේ.

භාරත් අරුල්සාමි මහතා මානව සම්පත් භාරයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කර ඇති අතර, ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු පා.ම දිවන්ගත එස්.අරුල්සාමි මහතාගේ පුත්‍රයාය.

ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ සමග එක් වූ භාරත් අරුල්සාමි මහතා දමිල ප්‍රගතිශිලි සන්ධානය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කිරිමට නාමයෝජනා භාර දිමට නියමිත බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නිලධාරියෙකු කියා සිටියේය.

Continue Reading

පුවත්

ලංකා – රුසියා රේගු සහයෝගිතා ගිවිසුමටත් අනුමැතිය

Published

on

By

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය පරිපාලන සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකා රජය සහ රුසියානු රජය අතර පැවැති ද්වීපාර්ශ්වීය සාකච්ජා මාලාවකින් අනතුරුව පාරදෘශ්‍ය හා පුරෝකථනය කළ හැකි රේගු ක්‍රියා පටිපාටියක් ඔස්සේ ‍නෛතික වෙළෙඳ කටයුතු සඳහා පහසුකම් සැලසීම පිණිස ද්වීපාර්ශ්වික ගිවිසුමක් අත්සන් තැබීමට 2021-11-15 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත්, එම ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නැත.

දෙරට අතර පවතින වෙළෙඳ සබඳතා තුළින් හිමි වන ප්‍රතිලාභ හා ද්වීපාර්ශ්වික රේගු සහයෝගිතාවේ නැගි එන ප්‍රවණතා සැලකිල්ලට ගෙන, එම ගිවිසුමට අත්සන් තැබීම පිණිස මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Continue Reading

පුවත්

සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකට සේවා දිගුවක්

Published

on

By

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2013-09-14 දින සිට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට එයාර් වයිස් මාර්ෂල් ආර්. එස්. වියන්වල මහතා පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නේය.

එම පත්වීමේ කාල සීමාව 2024-09-13 දිනෙන් අවසන් වී තිබුණි.

ඒ හේතුවෙන්, ඔහු 2024 -12-31 දින දක්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ තවදුරටක් සේවයේ යෙදවීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved