Connect with us

පුවත්

සරසවි සිසුන් පිරිසකට ලබන සතියේ BRI සම්මන්ත්‍රණයක්!

Published

on

චීනයේ ප්‍රධානතම ගෝලීය වැඩසටහනක් වන ‘එක් තීරයක් එක් මාවතක්’ (BRI) වැඩසටහන සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සිසුන් 25ක් එක්වීමට නියමිතය.

දෙසැම්බර් 27 – 29 දක්වා ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයට කොළඹ, කැළණිය, රුහුණ, නැගෙනහිර හා යාපනය විශ්ව විද්‍යාල වලින් සිසුසිසුවියන් සිය ගණනක් යොමුකර තිබූ අයැදුම්පත්‍ර අතරින් මෙම සිසුසිසුවියන් පිරිස තෝරාගත් බව චීන තානාපති කාර්යාලය පවසයි.

මෙම සම්මන්ත්‍රණයට ප්‍රමුඛ මට්ටමේ විද්වතුන්ගේ සහ සමාගම්වල දේශන ඇතුළත් වන අතර, පෝට් සිටි, CICT, නෙළුම් කුළුණ වැනි දැවැන්ත ව්‍යාපෘති වල ක්ෂේත්‍ර චාරිකා වල නිරත වීමට මෙන්ම දේශීය කළමනාකරුවන් / කාර්මික ශිල්පීන් සමඟ කතාබහ කිරීමට අවස්ථාවද ද මෙම සිසුසිසුවියන්ට හිමිවන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading

පුවත්

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි(UPDATE)

Published

on

By

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණි.

මෙම නඩුව විභාග කළ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩුවෙන් ඉවත්වන බව අද පෙරවරුවේ දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව එම නඩුව මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

විනිසුරු සුජීව නිශ්ශංක මහතා ද සඳහන් කළේ, තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවය.

මෙම නඩුවට සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය මැයි මස 21 වන දා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවන ලෙසත් නියෝග කෙරුණි.

(පෙර පුවත 2025 මාර්තු 27 පෙ.ව.10.43)


ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු ඉවත් වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන් ඉවත් වන බව අද (27) දැනුම් දුන්නේය.

සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තමන් සම්බන්ධයෙන් මුහුණුපොතේ පළ කර තිබූ අදහස්වලින් අනතුරුව තමන් එම තීන්දුව ගත් බවත් විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් විවෘත අධිකරණයේ අද දැනුම් දෙන ලදී.

ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවට යොමු කරන බවත් ඔහු විවෘත අධිකරණයේ කියා සිටියේය.

Continue Reading

පුවත්

අද සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

Published

on

By

අද (27) සිට දින 3ක්, දිස්ත්‍රික්ක 8ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මාතලේ සහ මාතරය යන දිස්ත්‍රික්කවල මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත.

පවතින කඩින්කඩ වර්ෂාව හේතුවෙන් ඩෙංගු යළි ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දී තිබේ.

එම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන, විශේෂ මදුරු මර්දන වැඩසටහන ලබන 29 වැනිදා දක්වා ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.

නිවාස, පාසල්, වැඩබිම්, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන සහ පොදු ස්ථාන එහිදී පරීක්ෂාවට ලක්කරනු ඇත.

සිය පරිශ්‍ර තුළ මදුරුවන් බෝ වන තැන් විනාශ කරන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී තිබේ.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 11,000ක් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

Continue Reading

පුවත්

අදින් ඇරඹෙන “කොළඹ මුද්දර දැක්ම”

Published

on

By

කොළඹ මුද්දර දැක්ම අද (27)  සිට 29 වැනිදා දක්වා කොළඹ 10 ඩී.ආර් විජේවර්ධන මාවත තැපැල් මූලස්ථානයේදී පැවැත්වේ.

ඒ, තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසිනි.

දෙස් විදෙස් පැරණි මුද්දර, මුල්දින කවර සිහිවටන පත්‍රිකා ඇතුළු මුද්දර විනෝදාංශ ආශ්‍රිත සියලු දෑ මෙන්ම පැරණි කාසි සහ නෝට්ටු ඇතුළු බොහෝ දෑ එහිදී මිලදී ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved