Connect with us

පුවත්

සහරාන්ව වීරයෙක් කළේ සුරේෂ් සලෙයි – ෆොන්සේකා (වීඩියෝ)

Published

on

මරාගෙන මැරෙන පාස්කු ඉරුදින ඛේදවාචකයේ මහ මොළකරු වූ සහරාන් හෂීම් නිර්මාණය කල පුද්ගලයා කවුරුන්ද යන්න හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයේ තෙවන දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්වූ අද (26) දවසේ ෆොන්සේකා මහතා තම අදහස් දක්වමින්, සහරාන් නිර්මාණය කරමින් ඔහුව වීරයෙක් බවට පත්කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) වත්මන් ප්‍රධානියා වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලෙයි බව ප්‍රකාශ කර සිටියේය. 

ෆොන්සේකා මහතා කියා සිටියේ මේ අපරාධයෙන් අත සෝදා ගැනීමට උත්සාහ කලද ඒ අපරාධකරුවා නිර්මාණයට වූ දායකත්වයෙන් ගැලවී අත සෝදා ගැනීමේ හැකියාව සලෙයි ට නොමැති බවය. 

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්, 

“සලෙයි, බුද්ධි අංශ වලින් මම අයින් කරලා තිබුණා. මම ගියාට පස්සේ ඔහුව ප්‍රධානියා බවට පත්කරා ගෝඨාභය. ඊට පස්සේ සලෙයිගේ දකුණු අත වගේ හිටපු බොනිපස් පෙරේරා , එයා නැගෙනහිර ආඥාපති වුනා. එයාගේ ෆයිල් එක මගේ ගාව තියෙනවා. නැවතත් එයා මඩගහන්න කතා කරොත් මේ ෆයිල් එක සමාජ මාධ්‍ය ජාලයට දානවා.  එයා මොනවක්ගේ චරිතයක් ද, ඇයි මම ඉන්නකොට එයාට උසස්වීම් පවා නොදුන්නේ කියලා මේ වගේ මිනිස්සු සහරාන් ආශ්‍රය කරා, සහරාන් වීරයෙක් කරා.”

මන්ත්‍රීවරයා තවදුරටත් පෙන්වා දුන්නේ, ත්‍රස්තවාදියෙකු හඳුනාගෙන කොටුකර ගැනීමේ ක්‍රියාවලිය කොමිෂන් සහ කමිටු හරහා කළ නොහැකි බවත් එවැනි කටයුතු සම්බන්ධයෙන් අදාළ හැකියාව සහ පළපුරුද්ද ඇත්තේ බුද්ධි අංශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බවත් ය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු සහ වගකීම පැහැර හැරිය පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆොන්සේකා වැඩිදුරටත් කියා සිටියේය. 

(වීඩියෝ : VoiceTube)

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved