Connect with us

පුවත්

සහල් වී තොග ගැන සමීක්ෂණ වාර්තාව ලේකම්ට

Published

on

මෙරට සහල් සහ වී තොග සම්බන්ධ සමීක්ෂණයේ වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එම වාර්තාව අමාත්‍යාංශ ලේකම් මගින් ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කෙරෙන බවය.

දිස්ත්‍රික්ක 21ක වී සහ සහල් තොග සමීක්ෂණයේ වාර්තාව මේ අනුව අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කර තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ, ජනපති උපදෙස් සහ අමාත්‍යාංශයෙන් ලද උපදෙස් මත හඳුනා ගත් දිස්ත්‍රික්කවල වී සහ සහල් තොග පිළිබඳ විමර්ශනය කළ බවය.

පුවත්

ෆයිසර් මුස්තාපාගේ නම සහිත ගැසට්ටුව එයි

Published

on

By

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා නම් කෙරුණු හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

පසුගිය මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට  ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමිවූ අතර, ඉන් එක් මන්ත්‍රී ධූරයකට රවී කරුණානායක මහතා පත් කෙරිණි.

Continue Reading

පුවත්

Onmax DT නඩුව කල්යයි

Published

on

By

Onmax DT පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනයන් සිදුකොට මුදල් අහිමි වූ තැන්පත්කරුවන් විසින් මේ දක්වා පැමිණිලි 2,017 ක් ඉදිරිපත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව ඔවුන්ට අහිමි වී තිබෙන මුදල රුපියල් බිලියන 2.96 ක් ලෙසද ගණන් බලා තිබේ. 

මෙම පැමිණිල්ල අද (11) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ බව පැවසීය.

නිලධාරීන් එහිදී පෙන්වා දී ඇත්තේ ඉකුත් නඩු දිනයේ සිට මේ දක්වා අදාළ ආයෝජනය ක්‍රමයේ මුදල් තැන්පත් කර, මුදල් අහිමි වූ පුද්ගලයින් 865 දෙනෙකු විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත් තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින බවත්ය.

එම අවස්ථාවේ දී අදාළ සමාගමේ අධ්‍යක්ෂවරු ඇතුළු සැකකරුවන් නවදෙනෙකු අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය. 

මේ අතර, තවත් සැකකරුවන් තිදෙනෙකු මේ වනවිට විදේශගතව සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම සැකකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඉන් සැකකරුවන් දෙදෙනකුගේ පරීක්ෂණ කටයුතු අවසන් කර උද්‍රෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් දැනුම් දුන්නේය.

මෙම සමාගමේ සැකකාර අධ්‍යක්ෂවරුන්ට අයත් දේපළ ඕස්ට්‍රේලියාව වැනි විදේශ රටවල පවතින බවට කරුණු අනාවරණය වී ඇති බවත් ඒවා හඳුනාගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා විමර්ශන සිදුකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දන්වා ඇත. 

ඊට අමතරව මෙම සැකකරුවන්ට අයත් ඉඩම් 31 ක් තහනම් කර ඇති බවත් ඔවුන් අධිකරණයට දැනුම් දුන්නේය. 

මෙහිදී මහෙස්ත්‍රත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ට ආපසු මුදල් ගෙවීමේ වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළ යුතු බවය.

ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල පෙබරවාරි මස 05 වනදා යළි කැඳවන ලෙසත් එදිනට පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

(අරුණ)

Continue Reading

පුවත්

මෙරට චීන තානාපති කාර්යාලයේ නව නාවික උපදේශක, නාවික හමුදාධිපතිව හමුවෙයි (ඡායා)

Published

on

By

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ජ්‍යේෂ්ඨ කපිතාන් – ජ’ං ජාඕපිං (ZHENG Zhaoping) මහතා, පසුගිය 10දා නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාව හමුවිය.

මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව නාවික උපදේශක අතර ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වුණු අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

තවද, එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා රියර් අද්මිරාල් ජානක මාරඹේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු අරුණ වීරසිංහ සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, ජ්‍යේෂ්ඨ කර්නල් ජොව් බෝ (Zhou Bo) ද සහභාගී විය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved