Connect with us

පුවත්

ස්පා නියාමනයට පොහොට්ටුවේ මිලාන් හා මධුර විරුද්ධ වෙලා

Published

on

පසුගිය සඳුදා ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී කොළඹ අවට හා රටේ තැන තැන ඇති ස්පා නියාමනය කළ යුතු බවට සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කර ඇතත් එයට පොහ‌ොට්ටු මන්ත්‍රීවරු වන මිලාන් ජයතිලක හා මධුර විතානගේ යන මහත්වරු විරුද්ධ වී ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිතුමනි, කොළඹ අවටයි රටේ හැමතැනමයි ස්පා දාල තියෙනවා කෙළවරක් නැතුව. අපි මේවා නියාමනය කරන්න ඕනෑ.” යැයි එහිදී ඩයානා ගමගේ පවසා ඇත.

එයට විරෝධය දක්වමින් ”නෑ… නෑ… ජනාධිපතිතුමා ඕවා කරන්න යන්න එපා මේ වෙලාවේ. මිනිස්සුන්ගේ රස්සාත් නැති වෙනවා. ලොකු ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.” මිලාන් හා මධුර පිළිතුරු දී තිබේ.

කෙසේවුවද, ඩයනාව එම පිළිතුරෙන් මෙල්ල කිරීමට හැකිවී නැති අතර ”බලන්න ජනාධිපතිතුමා, පාර්ලිමේන්තුව අවට මේ ස්පා හයසිය විසිපහක් තියෙනවා.”  යැයි ඇය නැවත පිළිතුරු දී ඇත.

එසේම ඇය එම සම්භාහනාගාර (ස්පා) විධිමත් ලෙස පවත්වාගෙන යාමට නම් ඒවායේ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා සෑම ආයතනයකටම ආයුර්වේද වෛද්‍යවරයකු බැගින් පත් කරන ලෙසද එහිදී ඉල්ලා තිබේ.

ඊට පිළිතුරු දුන් ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේ ස්පා සඳහා වෛද්‍යවරුන් අනවශ්‍ය බවත් ඒවායේ පුහුණු කාර්ය මණ්ඩල සේවය සපයන බවත් පවසා ඇත.

ජනපතිවරයා මේ වාදයට හෙමිහිට අතුළු වී ඇත්ත‌ේ ”අපේ මන්ත්‍රීවරුන්ටත් යන්න බැරියැයි…” කියමිනි.

කෙසේවුවචද, ඔහු ද  ඩයනාට අවබෝධකර ඇත්ත‌ේ ස්පා වසා දැමීමෙන් දහස් ගණනකට රැකියා අහිමිවිය හැකි බවයි.

එසේම අනවශ්‍ය ප්‍රශ්න දමා ගන්නට අවශ්‍ය නොවන බවද පවසමින් ජනපතිවරයාද මේ ගෝරනාඩුව හිමින් මඟහැර ඇති බව වාර්තා වේ.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved