Connect with us

පුවත්

ස්වයං මාර්ගයෙන් විදෙස් රැකියාවට යන්නන්ට නව නීතියක්

Published

on

ස්වයං මාර්ගයෙන් රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී සිදුකෙරෙන ක්‍රමවේදයේ නව සංශෝධනයක් සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මෙහිදී ස්වයං මාර්ගයෙන් විදේශ රැකියාවක් සඳහා යොමුවීමට බලාපොරොත්තු වන පුද්ගලයා කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමට පෙර, එම ශ්‍රමිකයා ගෙන්වාගැනීමට බලාපොරොත්තු වන විදේශ රටෙහි සිටින සේවා යෝජකයා විසින් එම රටෙහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කිරීම මගින් රැකියා ගිවිසුම සහතික කරගැනීම අනිවාර්ය බවද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ දැනුම් දී තිබේ.

එමෙන්ම, මේ සඳහා ඩොලර් 60ක මුදලක් අයකෙරෙන බවද කාර්යාංශ පවසයි.

පළමු අදියරේදී මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කම්කරු අංශ ක්‍රියාත්මක වන රටවල් 13ක තානාපති සේවා සැපයෙන අංශ 15ක් සඳහා පමණක් වන බව ද එම නීතිය 2025 ජූලි 1 වන දින සිට ක්‍රියාත්මක වන බව ද කෝශල වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

තවද මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ වෘත්තීය කාණ්ඩයේ නොවන රැකියාවන් සඳහා වන අතර, වෘත්තීය රැකියාවන්ට අයත් වන්නේ කුමන රැකියා කාණ්ඩද යන වග ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියෙහි (www.slbfe.lk) ලැයිස්තුගත කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

නමුත් අදාළ රටේ තානාපති කාර්යාලය මගින් සේවා ගිවිසුම සහතික කරගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් වීම සඳහා, කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේදී තම වෘත්තීයභාවය සනාථ කිරීමට අවශ්‍ය ලියවිලි ඉදිරිපත් කිරීම හෝ තම විදේශ ගමන් බලපත්‍රයේ වෘත්තිය සඳහන්ව තිබීම අත්‍යවශ්‍ය වේ.

ස්වයං මාර්ගයෙන් රැකියා සඳහා විදේශ ගතවීමේදී ශ්‍රී ලාංකිකයන් විවිධ අතරමැදි පුද්ගලයන්ගේ අකටයුතුකම් හා වංචාවන්ට හසුවීම් වාර්තාවී ඇති බවත්, විගමනික ශ්‍රමිකයාට නිශ්චිත රැකියා ගිවිසුමක් සහිත, නිසි වැටුපකට, නිසි කාලයකදී ගිවිසුම අවසන් කර නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය මාර්ග සකසාදීම ජාතික කර්තව්‍යයක් වශයෙන් සළකා, රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කම්කරු අංශ ක්‍රියාත්මක වන රටවල් 13 සඳහා පමණක් 2025 ජූලි 1 දින සිට ක්‍රියාත්මක කළ ද එම ක්‍රමවේදයේ සාර්ථකත්වය මත ඉදිරියේදී අනෙකුත් රටවලද සාර්ථකව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කරයි.

පුවත්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

Continue Reading

පුවත්

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

Published

on

By

ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර මංගල්‍යය අද(10) රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය.

දින 14 ක් පුරා පැවති පෙරහර ගමන් මාර්ගය වෙනස් කරමින් සෙත් පිරිත් සජ්ජඣායානා මධ්‍යයේ ආරම්භ වන පෙරහර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ දේවාල මලුව මධ්‍යයෙන් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව, පිට වීථිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගෙවදීමට නියමිතය.

එහි පුද සිරිත් නිම කර ප්‍රධාන වීථිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහ දේවාලය වෙත ගෙවදීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

දිය කැපීම හෙට(11) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය සිදු කෙරේ.

Continue Reading

පුවත්

ආනයනික කිරිපිටි මිල ඉහළට

Published

on

By

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමූ බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
 
මීට පෙර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල සඳහන් වූයේ රුපියල් 1,100.00 ක් ලෙසය.
 
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 1,200.00කි

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved