Connect with us

පුවත්

සාමණේර හිමිට අතවර කළ හිමිවරු සොයයි; පැවිදි වැඩිමහල් සොයුරාත් ඒ අතර

Published

on

බාලවයස්කාර සාමණේර භික්ෂුවකට වසර තුනක් පුරා බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ බව කියන එම සාමණේර භික්ෂුවගේ පැවිදි වැඩිමහල් සොහොයුරා ඇතුළු වැඩිහිටි භික්ෂූන් වහන්සේලා දස නමක් සොයා ගලහ පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

දැනට දහතුන් වැනි වියේ පසුවන මෙම සාමණේර හිමිනම වයස අවුරුදු 11සිට මෙසේ අපයෝජනයට ලක්ව ඇතැයි පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

තවද තලාතුඔය, රටේමුල්ල, ගලහා, හොරණ, ගාල්ල ආදි ප්‍රදේශවල විහාරස්ථානවල විහාරාධිපති හිමිවරු හා අනෙකුත් භික්ෂූන් මෙම කුඩා හිමිනම අපයෝජනයට ලක් කර ඇතැයි පොලිසිය කියයි.

සාමණේර භික්ෂුව බොහෝ කාලයක සිට විඳින මෙම පීඩාව පිළිබඳ සිය මවට පවසා ඇති අතර, පසුව මව විසින් සිය අනෙක් පුතු පැවිදිවී සිටින හොරණ විහාරස්ථානයකට සාමණේර භික්ෂුව බාරදී ඇත.

එහිදි සාමණේර භික්ෂුවගේ වැඩිමහල් සහෝදරයා වන එම භික්ෂුව විසින්ද, සාමණේර භික්ෂුවට අතවර කර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

අනතුරුව මව විසින් ගාල්ල ප්‍රදේශයේ විහාරස්ථානයකට සාමණේර හිමිනම බාරදී ඇති අතර, එහිදී සෑදුණු උදරාබාධයක් හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තහවුරුවී ඇත්තේ, භික්ෂුව දීර්ඝකාලයක සිට අපයෝජනයට ලක්ව තිබෙන බවය.

ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක මහතාගේ උපදෙස් මත ගලහ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ගුණසේකර මහතා සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා ධනවතී රණසිංහ මහත්මිය ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

පුවත්

මැදිරිගිරිය සංගීතේ යකා නැටූ 6ක් දැලේ

Published

on

By

මැදිරිගිරිය, දිවුලන්කඩවල පැවති සංගීත සංදර්ශනයක කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඒ සිද්ධියට අදාළව ලබා ගත් වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීම් වලින් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් මේ වනවිට ප්‍රශ්න කිරීම් සිදු කරන බව පොලිසිය සඳහන් කළේ ය.

පෙර දැනුවත් කළ පරිදි ගායන ශිල්පීන් ඉදිරිපත් නොවීම හේතුවෙන් පෙරේදා රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයකදී එම නොසන්සුන්තාව හට ගත්තේ ය.

පොලිසිය සඳහන් කළේ එහි සංවිධායකයින් විසින් ගායකයින් සඳහා ගෙවනු ලබන මුදල් ගැටළුවක් මූලික කරගනිමින් එම තත්ත්වය හටගත් බවයි

ප්‍රේක්ෂකයින්ගේ ප්‍රකෝපකාරි හැසිරීම හමුවේ, ප්‍රසංගයේ ශබ්ද විකාශන යන්ත්‍ර, සංගීත භාණ්ඩ හා පුටු ආදියට දැඩි හානි සිදුව තිබේ.

සිදුවීම පිළිබඳ ඉදිරිපත් වූ පැමිණිලි හා වීඩියෝ දර්ශන මත විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පැවසුවේ ය.

Continue Reading

පුවත්

දේශබන්දු හැර සෙසු සැකකරුවන් 06 අත්අඩංගුවට නොගන්නැයි නීති පති CIDයට උපදෙස් දෙයි

Published

on

By

වැලිගම W15 හෝටල් පරිශ්‍රයේ සිදුවූ බව කියන පොලිසිය හා පොලිසිය අතරම වෙඩි තබා ගානීමේ සිද්ධියේ සැකකරුවන් බවට පත්ව සිටින රාජකාරී අත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ තවත් සැකකරුවන් 06දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසට නිකුත්කර තිබූ නියෝගයට අදාළව නීතිපතිවරයා විසින් අද (16) විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අභියාචනාධිකරණයේදී ඇතිකර ගත් එකඟතාව මත මූලික විමර්ශන අවසන් වනතෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන් බවයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසු ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට නීතිපතිවරයා උපදෙස් දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සිය නිවේදනයෙන් දන්වා සිටියි.

මාතර මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ මෙම සැකකරුවන් 06 දෙනා අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝගයක් නිකුත්කර තිබුණි.

වැලිගම W15 හෝටලය ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයෙකු වන මොහොමඩ් ඉෂාම් ජමල්දීන් මහතාට (හාඩි) ට අයත් එකකි.

එම සිද්ධියෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්තව සේවය කළ උපුල් චමින්ද කුමාර නැමැති පොලිස් සැරයන්වරයා මිය ගියේය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත්කළ නිවේදනය

Continue Reading

පුවත්

බටලන්ද කොමිෂන් වාර්තාවේ තියෙන්නේ ජවිපේ 88-90 කල භීෂණය ගැනයි – රනිල්

Published

on

By

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් අද (16) සිදු කරනු ලැබීය.

ඒ මගින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ 88-90 කාලවලදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකළ දරුණු ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධව එම කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන බවය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ එම විශේෂ ප්‍රකාශය මෙසේය.

“ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමේන් පසුව ජනතා විමුක්ති පෙරමුණ රට පුරා භීෂණයක් ඇති කිරීමට ඇති කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ අවස්ථාවේ රටේ මර්මස්ථාන ආරක්ෂා කිරීමේ බලය ජේ. ආර් ජයවර්ධන මැතිතුමා විසින් කැබිනට් ඇමතිවරුන්ට පැවරුවා. බියගම ප්‍රදේශයේ තෙල් පිරිපහදුව, ඩීසල් බලාගාරය, මහවැලියේ සිට කොළඹට විදුලි බලය ලබා දෙන මධ්‍යස්ථානය, වෙළඳ කළාපය ලෙස ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් තිබුණා. එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හමුදාව කැඳවණු ලැබුවා.

ආරක්ෂක අංශවලට රැඳි සිටීම සඳහා ලංකා පොහොර නිපදවීමේ සමාගමට අයත් ඒ වන විට අතහැර දමා තිබූ ගොඩනැගිලි සහ නිවාස කිහිපයක් ලබා දීමට තීරණය කෙරුණි. ඒ වනවිටත් ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු එම නිවාස කිහිපයක පදිංචිව සිටියා. මේ භීෂණ කාලය තුළදී සපුගස්කන්ද පොලිස් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා මරා දැමුවා. ඒ අවස්ථාවේදී ආරක්ෂක නියෝජ්‍ය ඇමති රංජන් විජේරත්න මහතා මට කතා කර යුද හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධව නිවාස සංකීරණයේ හිස්ව පැවැති නිවාස ඔවුනට ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව එවකට ඈවරකරු මගින් අදාළ නිවාස කැළණි පොලිස් අධිකාරී නලීන් දෙල්ගොඩ මහතා වෙත පැවරීමට පියවර ගත්තා. පළාත් සභා මන්ත්‍රීවරයෙකු, සමූපකාර සභා මන්ත්‍රීවරයෙකු, පොලිස් සාජන්වරයෙකු ඇතුළු කීප දෙනෙකු ඝාතනය කිරීම මේ අතරවාරයේදී සිදුවුණා. ඒ සමග තවත් පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට පහරදීමක් සිදුවුණා.

කඩා වැටුණු ජන ජීවිතය, ආර්ථිකය ගොඩනගමින් රටේ සාමය සහ ජාතික ආරක්ෂාව සහතික කිරීමට බලයේ සිටි ආණ්ඩුව විසින් කටයුතු කළා. 1994න් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනාක කුමාරතුංග මහත්මිය බටලන්ද ප්‍රදේශයේ වදකාගාරයක් තිබේදැයි සෙවීමට කොමිසමක් දැම්මා. ඊට නොයෙකුත් පුද්ගලයින් කැඳෙව්වා. මාව මෙහි කැඳෙව්වේ සාක්කිකරුවෙක් ලෙස පමණයි. ඒ වනවිට මම රටේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළා.

බටලන්ද කොමිසම පත් කළේ සම්පූර්ණ දේශපාලන මඩ ගැසීමක් අරමුණු කරගෙනයි. නමුත් එම උත්සාහය සාර්ථක වුණේ නෑ. වාර්තාවේ තීරණවල මා සම්බන්ධයෙන් සඳහන් කර තිබෙන්නේ ඇමති හැටියට පොලිස් අධිකාරී මගින් පොලිස් නිලධාරීන්ට නිවාස ලබා දීම නිවැරදි නොවන බවයි. එහි නියම ක්‍රමවේදය විය යුත්තේ පොලිස්පතිවරයාට නිවාස භාරදී අදාළ නිලධාරීන්ට පැවරීමයි.

මේ ක්‍රියාකාරීකම නිසා මමත් නලීන් දෙල්ගොඩ මහතාත් වක්‍රාකාරයෙන් වගකිව යුතු බව කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙනවා. කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වන වෙනත් කිසිදු කරුණක් මට අදාළ වෙන්නේ නෑ.

ජනතා විමුක්ති පෙරමුණ 1988-90 කාලයේදී කළ ත්‍රස්තවාදී ක්‍රියා රාශියක් ගැන කොමිෂන් වාර්තාවේ තීරණ සභාපති නිරීක්ෂණවලට දැක්වෙනවා. එහි පසුබිමත් කියනවා. ජනතා විමුක්ති පෙරමුණ කළ දරුණු ත්‍රස්තවාදී ක්‍රියා ගැන කොමිෂන් සභා වාර්තාවේ 03 වැනි පරිච්ඡේදයේ දීර්ඝ වශයෙන් කරුණු සඳහන් වෙනවා. මුළු ඉතිහාසයම එහි ඇතුළත් කර තිබෙනවා. ඉහත කරුණු ඇරෙන්න අනෙක් කිසිම චෝදනාවක් මට අදාළ වන්නේ නෑ. ඒ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.

බටලන්ද කොමිෂන් වාර්තාව හංගාගෙන සිටියා කියා කිසිවෙකුටවත් චෝදනා කළ නොහැකියි. වර්ෂ 2000දී පාර්ලිමේන්තු සැසිවාරයක් හැටියට එය තිබුණා. නමුත් කිසිවෙකුත් එය විවාද කිරීමට ඉල්ලීමක් කළේ නෑ. අඩුම තරමේ ජනතා විමුක්ති පෙරමුණවත් එවැනි ඉල්ලීමක් කළේ නෑ. බොහෝ දෙනක් වාර්තාව පිළිගත්තෙත් නෑ. ඒ නිසා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට පියවර නොගත් බව අපට විශ්වාස කළ හැකියි.

බලයට පත්වූ කිසිදු දේශපාලන පක්ෂයක් මේ වාර්තාව හරහා පටු දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකළ බවද කිව යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු සැසි වාර්තාවක් අවුරුදු 25කින් පසුව පාර්ලිමේන්තුවේ විවාද කිරීමේ කිසිම සම්ප්‍රදායක් මේ රටේ හෝ අනෙක් පාර්ලිමේන්තුවලවත් නැහැ”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved